කාබනිකත් මගේ නෙවෙයි, චීන පොහොරත් මගේ නෙවෙයි, ගෝඨාභය නිසා කට වහගෙන හිටියා – මහින්දානන්ද

Date:

කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමා කටයුතු කළ නමුත් කාබනික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හෝ කාබනික පොහොර ගෙන්වීම හෝ තම අමාත්‍යංශය යටතේ සිදු නොවූ බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

කාබනික ගොවිතැන ඉතා හොඳ සංකල්පයක් වන නමුත් ආණ්ඩුවට වැරදුනේ එය එකවර ක්‍රියාත්මක කිරීමට යාම නිසා බව පෙන්වා දෙන මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ ඊට තමා මුල සිටම විරුද්ධ වූ බවයි. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නිසා තමාට කට වසාගෙන සිටීමට සිදු වූ බවද අලුත්ගමගේ මහතා පවසයි.

මතභේදයට ලක් වූ චීන කාබනික පොහොර ආනයනය කළේද තමාගේ මැදිහත්වීමකින් නොවන බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

කෙසේ නමුත් අවසානයේදී සියලු චෝදනාවලට ලක්වීමට සිදුවූයේ තමාට බවත්, අනුන්ගේ දරුවෙකුට උප්පැන්න ලබාදීමට ගොස් ගොවි ජනතාවගේ දැවැන්ත විරෝධයකට මුහුණදීමට තමාට සිදු වූ බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...