කාබනිකත් මගේ නෙවෙයි, චීන පොහොරත් මගේ නෙවෙයි, ගෝඨාභය නිසා කට වහගෙන හිටියා – මහින්දානන්ද

Date:

කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමා කටයුතු කළ නමුත් කාබනික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හෝ කාබනික පොහොර ගෙන්වීම හෝ තම අමාත්‍යංශය යටතේ සිදු නොවූ බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

කාබනික ගොවිතැන ඉතා හොඳ සංකල්පයක් වන නමුත් ආණ්ඩුවට වැරදුනේ එය එකවර ක්‍රියාත්මක කිරීමට යාම නිසා බව පෙන්වා දෙන මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ ඊට තමා මුල සිටම විරුද්ධ වූ බවයි. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නිසා තමාට කට වසාගෙන සිටීමට සිදු වූ බවද අලුත්ගමගේ මහතා පවසයි.

මතභේදයට ලක් වූ චීන කාබනික පොහොර ආනයනය කළේද තමාගේ මැදිහත්වීමකින් නොවන බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

කෙසේ නමුත් අවසානයේදී සියලු චෝදනාවලට ලක්වීමට සිදුවූයේ තමාට බවත්, අනුන්ගේ දරුවෙකුට උප්පැන්න ලබාදීමට ගොස් ගොවි ජනතාවගේ දැවැන්ත විරෝධයකට මුහුණදීමට තමාට සිදු වූ බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...