යුක්රේන යුද්ධයට අවසන් විසඳුමක් සෙවීමට ට්‍රම්ප්ගේ නියෝජිතයන් පුටින් හමුවෙයි

සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 06 :
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ඊයේ(05)දිනයේදී මොස්කව්හිදී යුක්රේන යුද්ධය අවසන් කිරීමේ මාර්ග පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ධවල මන්දිරය පවසන්නේ දෙපාර්ශ්වය ඊළඟ පියවර සඳහා වැදගත් සැලසුම් පිළිබඳව සාකච්ඡා කළ බවත්, එම පියවර සම්බන්ධයෙන් නිශ්චිත කරුණු ඉදිරි සතිවලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත්ය.

රුසියානු පාර්ශ්වයද සාකච්ඡා ඵලදායී සහ විවෘත වූ බව පවසමින්, ඇමෙරිකානු නියෝජිතයන් යුද්ධය අවසන් කිරීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බව සඳහන් කර ඇත. කෙසේ වෙතත්, සාම ගිවිසුමක් පිළිබඳ අවසන් එකඟතාවක් තවමත් ඇති වී නොමැත.

මේ අතර, විට්කොෆ් සහ කුෂ්නර් යුක්රේනයේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා කිරීම සඳහා අද(06) Kyiv වෙත යාමට නියමිතය. මෙම සාකච්ඡා යුක්රේන පාර්ශ්වයේ ස්ථාවරයද ඇමෙරිකානු සාම සැලසුමට ඇතුළත් කර ගැනීමට වැදගත් පියවරක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...