රනිල්ගෙන් රජයට විවේචනයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06, කොළඹ LNW :

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් පාලනය යටතේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ විපක්ෂයේ ක්‍රියාකාරීත්වය මර්දනය වන බවට බරපතල චෝදනා එල්ල කරයි.

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයේදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ වෘත්තිකයන්, මහා සංඝරත්නය සහ දේශපාලන ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් රජය පීඩාකාරී ලෙස කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් විපක්ෂයේ හඬ යටපත් කිරීමට උත්සාහ කරන බව පවසන ඔහු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනතා පරමාධිපත්‍යය දැඩි අවදානමකට ලක්ව ඇති බව අවධාරණය කරයි.

නිදහස් වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂවලට එල්ල වන බාධා හමුවේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා ඒකරාශී විය යුතු බව ඔහු මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මෙරට පාලන බලය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න ප්‍රශ්න කරන හිටපු ජනාධිපතිවරයා, බුද්ධාගම සහ මූලික අයිතිවාසිකම් සුරැකීමේ වැදගත්කම මෙම ප්‍රකාශය හරහා අවධාරණය කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේ,,

“විශේෂයෙන්ම පක්ෂයක් හැටියට 22 සංශෝධනයට විරුද්ධ වුණේ එයට ආණ්ඩුවෙන් ජනමත විචාරණයක් අවශ්‍යයි කියා සඳහන් නොකරපු නිසායි. එයින් අපි උසාවියෙන් ජනමත විචාරණයක් ඉල්ලා සිටියා එමගින් එහි නීත්‍යානුකූලභාවය ඇති කරන්න පුළුවන්.එහෙත් අද ගෙනියන වැඩසටහන්වලින් එක එක කණ්ඩායම් දේශපාලන පක්ෂවවල සීමා හා හිරිහැර කිරීම්, ඒ වගේම දේශපාලනඥයින් හේතු නැතිව අත්අඩංගුවට ගැනීම් දැක ගත හැකියි. මේ හැක එකකින්ම බලන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ විපක්ෂය නැති කරන්නයි. ඒ වගේම නිදහස් වෘත්තිය සමිති නැති කර දමන්නයි.

දැන් නිතීඥ සංගමයට එරෙහිව පහර ගහනවා, වෛද්‍යවරුන්ට එරෙහිව පහර ගහනවා, ඒ වගේම තව විශාල ප්‍රශ්නයක් වෙන්නේ සංඝයා වහන්සේට එරෙහිව ගෙනියන ව්‍යාපාරයයි. මේ සියල්ලම මගින් රටේ ව්‍යවස්ථාවත්, ජනතා පරමාධිපත්‍යයත් නැති කරනවා.පාර්ලිමේන්තුවේ විපක්ෂයට කතා කරන්න ඉඩ දෙන්නේ නෑ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විශේෂයෙන්ම නිතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා කැඳවපු අවස්ථාවේදී පාර්ලිමේන්තුවට එන්න ඉඩ දුන්නේ නෑ. අන්න එහෙම ක්‍රියාමාර්ග සිදුව තිබෙනවා.

ඒවා සැලකිල්ලට අරගෙන බැලුවාම කොහෙන්ද මේ රට පාලනය වෙන්නේ ? පාර්ලිමේන්තුවෙන්ද නැත්නම් පැලවත්තෙන්ද?. එහෙම ප්‍රශ්න තිබෙන අවස්ථාවක ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න ඕනෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තිය ආරක්ෂා කරන්න ඕනේ, නවවැනි වගන්තිය අනුව බුද්ධාගම ආරක්ෂා කරන්න ඕනේ. අපි සියලු දෙනාම එකතු වෙමු 1946දී ඔක්කොම එකතු වෙලා නිදහස් ලංකාවක් ඇති කළා. අදත් ඔක්කොම එකට ක්‍රියාත්මක වෙමු රටේ පරමාධිපත්‍ය ආරක්ෂා කරගනිමු.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...