රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06, කොළඹ LNW :
ලෝක සෞඛ්ය සංවිධානයේ දකුණු – නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වන සැසිවාරය ටිමෝර් ලෙස්ටේ රාජ්යයේ ඩිලි නුවරදී පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
මෙරට සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් මෙම සමුළුවට සහභාගී වන අතර, එහිදී නව සභාපතිවරයෙකු සහ නිලධාරීන් පිරිසක් තෝරා පත් කර ගැනීමට නියමිතය.
කලාපීය සෞඛ්ය අමාත්යවරුන් සහ ජ්යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සැසියේදී සෞඛ්ය මානව සම්පත් ශක්තිමත් කිරීම සහ විශේෂිත සෞඛ්ය සේවා සඳහා සාධාරණ ප්රවේශයක් ලබා දීම පිළිබඳව මූලික අවධානය යොමු කෙරේ.
මීට අමතරව, ඩිජිටල් සෞඛ්ය පද්ධති ප්රවර්ධනය, ක්ෂය රෝගය වැනි රෝග තුරන් කිරීම සහ ‘ඩිලි ප්රකාශනය’ සම්මත කර ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.
සෞඛ්ය ක්ෂේත්රයේ අනාගත ප්රමුඛතා තීරණය කරන මෙම වැදගත් සමුළුව සඳහා ලෝක සෞඛ්ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා ද එක්වීමට නියමිතව ඇත.


