නිව්යෝර්ක් ශ්‍රී ලාංකික ප්‍රජාවට ඉටුකළ සේවයට ගීතානි ට හා ටානියාට උපහාර පිදේ

Date:

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි ශ්‍රීලංකා කාන්තා සංගමය විසින් උපහාර උත්සවයක් පසුගියදා නිව්යෝර්ක් හිදී පවත්වන ලදී. ඒ සඳහා ආරාධිතයා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සහභාගී විය.

මෙහිදී වසර ගණනාවක් තිස්සේ ශ්‍රීලාංකික ප්‍රජාව වෙත සිදුකරන ලද සුවිශාල සේවාවන් ඇගයීම සඳහා ශ්‍රීලාංකික කාන්තාවන් දෙදෙනෙකුට උපහාර පිදීම සිදුවිය.

මෙහිදී දෝන ගීතානි කිරිඇල්ල සහ ටානියා ද සිල්වා මහත්මීන් සම්මානයෙන් පුද ලදහ.
ගීතානි කිරිඇල්ල මහත්මිය කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධිධාරින්යක් වන අතර පශ්චාත් උපාධි දෙකකට හිමිකම් කියයි. නිව්යෝර්ක් ශ්‍රීලංකා ප්‍රජාව වෙත විවිධාකාරවූ සමාජ සේවා කටයුතු වල වසර ගනනාවක් නිරතවන ඇය නිව්යෝර්ක නගරයේ සමාජ සේවා කටයුතුවල පුරෝගාමී චර්තයකි. ශ්‍රීලංකා නාමය ඇමරිකාව තුල ප්‍රචලිත කිරීම සඳහා විවිධ වැඩසටහන් හා සම්බන්ධව කටයුතු කරන ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ බෞද්ධාගමික කටයුතු සඳහාද සම්බන්ධ වෙමින් කටයුතු කර ඇත’

ආසියා- ඇමරිකානු කම්කරු හා ප්‍රජා සංවිධානයේ නියෝජ්‍ය සභාපතිනිය ද වන ඇය ශ්‍රීලාංකිකයන්ට මෙන්ම මෙරට වෙසෙන සෙසු ආසියාතිකයන්ටද විවිධාකාර වලින් උපකාර ලබා දෙන්නීය. දෙදරු මවක වන ඇය මෙරට ප්‍රධාන පෙලේ රක්ෂණ සමාගමක් වන එම්පයර් බ්ලුක්‍රොස් බ්ලූ ශිල්ඩ් ආයතනයේ සේවය කරයි.

ටානියා ද සිල්වා මහත්මිය ශ්‍රීලාංකික සම්ප්‍රදායික නර්තන ශිල්පිනියක් වන අතර නිව්යෝර්ක් ස්ටැටන් අයිලන්ඩ් හි ශ්‍රීලංකා නර්තන ඇකඩමියේ නිර්මාතෘවරියයි. දෙදරු මවක වන ඇය ශ්‍රීලාංකික නර්තන කලාව ඇමරිකාව තුල ප්‍රචලිත කිරීම සඳහා සුවිසල් දායකත්වයක් ලබා දී තිබේ. එසේම මෙරට වෙසෙන ශ්‍රීලාංකික දූපුතුන්ට ශ්‍රීලාංකේය නර්තන කලාව පුරුදු පුහුණු කරමින් ඇමරිකාව තුල වෙසෙන ශ්‍රීලාංකික තරුණ පරම්පරාව තුල ශ්‍රීලාංකේය අනන්‍යතාවය පවත්වා ගෙන යාම සඳහා ඇය ලබා දෙන දායකත්වය සුවිශේෂීය.

සම්මාන ප්‍රදානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක්හි ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අතින් සිදු විය. නිව්යෝර්ක් නගරයේ ශ්‍රීලංකා ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...