දයාසිරි ගියාද? නැත්නම් යැව්වද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රතිචාර දක්වමින් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ , පක්ෂයේ බලය තමා විසින් අල්ලනු ඇතැයි පක්ෂ සභාපතිවරයාට බියක් තිබූ බැවින් එය එසේ සිදු වූ බවයි.

දයාසිරි ජයසේකර මහතා මෙම කරුණු අනාවරණය කළේ, අද (06) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

“මට අදහගන්න බැරුව ගියා.. මොකක්ද මේ හේතුව කියලා. පිරිසකට අවශ්‍ය වෙලා තිබෙනවා.. මේ පක්ෂය රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කොටස්කරුවෝ විදියට හේත්තු කරන්න. අවසානයේ වුණේ පක්ෂය ආරක්ෂා කරපු මාව එළියට දැම්මා. මම කනගාටු වෙන්නේ නැහැ. මෙවැනි තීරණ අපේ සභාපතිතුමා ඉතිහාසයෙත් අරගෙන තිබෙනවා. මම පක්ෂය දාලා යන්නේ නැහැ.”

“පක්ෂ සභාපතිතුමාගේ යම් භීතියක් තිබුණා… මම පක්ෂයේ බලය අල්ලයි කියලා. මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්. ඊයෙත් අපි දෙන්නා එකතු වෙලා කතා කරලා ගියේ පාර්ලිමේන්තුවේ. රෑ වෙනකොට මගේ බෙල්ල කපයි කියලා මම හිතුවේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතාට මම තාත්තා කෙනෙකුට වගෙයි ආදරය කළේ. තාත්තලා පුතාලගේ බෙල්ල කපන්නේ ඇයි කියලා තමයි ප්‍රශ්නය තියෙන්නේ.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසක් ,

“පොඩ්ඩක් එයාගේ වැඩකටයුතු නැවැත්තුවා. එයා කරන අනං මනං වැඩ නතර කරගෙන අපිත් එක්ක එකඟත්වයකට ආවා නම් පක්ෂයට එන්න පුළුවන්. අපි භාර ගන්නවා. හැබැයි ලේකම් තනතුරට නෙමෙයි. ළඟින්ම ඉන්න එක්කෙනාගෙන් තමයි.. ඉතින්.”

ලෙස සිරිසේන මහතා කීවේය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...