වැස්ස බාධා කළත් පෝප්ගේ සහ ඩකට්ගේ පිති නිදහසේ වැඩ කළ දවසක්

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 07, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව සහභාගි වන තෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 221 ක් ලබා ගෙන සිටිනවා.වර්ෂාව නිසා අතරමඟ තරගයට බාධා නොවුණානම් බොහෝ විට මේ ලකුණු පූවරුව මීටත් වඩා පොහොසත් වන්නට තිබුණා.තරගාවලිය පුරාම හිසරදයක්ව සිටි එංගලන්තයේ ජෝ රූට් මේ තරගයේ දී යම් සැළසුමකට අනුව මෙල්ල කළ බවක් පෙනෙන්නට තිබුණා.ඒ අනුව ඔහුට ලකුණු 13 ක් ලබා ගන්නට පන්දු 48 ක් වැය වුණා.එහෙත් තරගාවලිය පුරාම ලකුණු හොයමින් සිටි එංගලන්ත නායක ඔලී පෝප් මේ තරගයේ දී ලකුණු අතරට පිවිස පන්දු 103 දී නොදැවී ලකුණු 103 ක් ලබා ගෙන කඩුල්ලේ රැද් සිටිනවා.


නිත්‍ය දඟ පන්දු යවන්නෙක් නොමැතිව මේ තරගයට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙණ්ඩිස් හෝ ධනංජය ද සිල්වා ඊයෙ ගෙවුණු දවස පුරාම එකදු පන්දු ඕවරයක් හෝ නොයැවීම කැපී පෙණුනා.ඒ වෙනුවට අතිරේක පන්දු යවන්නෙක් ලෙස ඇන්ජලෝ මැතිවිස් යොදා ගනු ලැබුවා.දැවී ගිය කඩුලු 3 න් දෙකක්ම ලහිරු කුමාර දවා ගත්ත ද,ඔහු ටෙස්ට් තරගයකදී සිඳු නොවන ආකාරයේ ප්‍රහාරයකට ගොදුරු වෙමින් සිටිනවා.පන්දු ඕවර් 12 ක් තුළ ලකුණු 81 ක් ඔහු විසින් එංගලන්තයට පූජා කර තිබෙන්නේ පන්දු ඕවරයකට ලකුණු 6.65 ක් වන දළ වේගයක් සහිතවයි.මේ නිසා දවස ගෙවෙන විට එංගලන්තය තරගය ක්‍රියාත්මක වූ කාලය ඇතුළත යවන ලද පන්දු ඕවර් 44.1 ක් තුළ එංගලන්තයේ ලකුණු පූවරුව 221 ක් වී තිබෙන්නේ පන්දු ඕවරයකට ලකුණු 5.00 ක දළ වේගයක්ද සහිතවයි.


එංගලන්ත ඉණිම පෝෂණය කරමින් ආරම්භක පිතිකරු බෙන් ඩකට් ද පන්දු 79 දී ලකුණු 86 ක් ලබා ගත් අතර ඔහු දැවී ගියේ මිලාන් රත්නායක එවූ පන්දුවකටයි.පෙර තරග දෙකට වඩා පාලනයකින් සහ දෝලනයකින් යුතුව මේ තරගයේ දී මිලාන් රත්නායක සමත්ව තිබෙන අතර ඔහු ඊයේ ඒ තුළින් ජෝ රූට් ට විශාල තර්ජනයක් ඇති කරන ආකාරයක් දකින්නට ලැබුණා.මේ බුද්ධිමත්භාවය සියල්ලන් විසින්ම පවත්වා ගෙන නොයන්නේනම් පිතිකරුවන්ට පීඩනයක් ඇති කිරීම අපහසු අතර වඩාත් පහසුවෙන් පහර දිය හැකි පන්දු ඉදිරියේ ඔවුන් සැහැල්ලු භාවයට පත් වෙනවා.
තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන්න.
https://es.pn/4ebbCd2

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...