*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

එදා ගෝඨාත් එක්ක රනිල් දාපු ඩීල් එක අද අනුර එක්ක දාලා.තැපැල් ජන්දෙට කලින් අනුරට රාජ්‍ය මාධ්‍යයෙන් කතා කරන්නත් දුන්නා – සජිත්

කොළඹ LNW: 2019 ගෝඨාභය රාජපක්ෂ සමඟ එක්ක ඩීල් දාපු රනිල් වික්‍රමසිංහ අද අනුර කුමාර දිසානායකත් එක්ක බලය ගන්න ඩීල් දමා ඇති බව සමඟි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දැන් රතු අලි පැටව් කොළ අලි පැටව් එකම දීගෙක බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

අද වන විට නයි මුගටි එකතුව රටේ ලක්ෂ 220 ජනතාව ඉදිරියේ සිදුවු බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති සහ අනුර කුමාර දේශපාලන දීගයක යන බවත් මේ පාර්ශ්ව දෙකම එකට එකතු වූ අශුද්ධ සන්ධානයක් සැදි තමා පරද්දන්න එකට එකතු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පවසයි.

එම ඩීල් එක අනුව තැපැල් ඡන්දයට පෙර අනුර කුමාරට රාජ්‍ය මාධ්‍ය හරහා කතා කිරීමටද අවස්ථාව ලබා දුන් බවයි විපක්ෂ නායකවරයා කියාසිටින්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉතිහාසය පුරා අතරමං කිරීම හා පාවාදීම සිදු කළ බවත් 2019 තමාව පරාද කරන්න ගෝඨාභය එක්කත් ඩීල් ගැසු බවත් තමා පැරදුණු නිසා තමාගේ සාමාජිකයන් 40000කගේ රැකියා අහිමි කර උසස්වීම් අහිමි කර පළි ගත් බවත් ඒ දේවල් කළ රනිල් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වෙලාවත් එසේ පළිගැනීමට ලක්වු 40000 ගැන නොසිතු බවත් ඔහුට ජන දුක ජනතා අපේක්ෂා බලාපොරොත්තු ගැන තැකීමක් නොකරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan