කලබල කළොත් වෙඩි

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07, කොළඹ (LNW):

කලබල ඇති කර ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දයට බාධා කරන සහ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට සහ මැර කණ්ඩායම් පාලනයට වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. එවැනි කලබල කරන පිරිස් වහාම අත්අඩංගුවට ගැනීමටද මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර රට පුරා  අනවසර ගිනිඅවි සහ පාතාල කල්ලි  අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි සඳහන් කළේය. විශේෂ බුද්ධි අංශ කණ්ඩායම් ද ඒ සඳහා යොදවා ගැනෙන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය. රට පුරා අනවසර ගිනි අවි ලක්ෂ දෙකක් පමණ පවතින බවට ආරක්ෂක අංශ අනුමාන කරයි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන 21 වැනිදා පැවැත්වේ.ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ ලක්ෂයකි.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට ඡන්ද දායකයන් ලක්ෂ දහයක පමණ පිරිසක්  අලුතින් එකතු වී සිටින බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...