හෙට නිල ජන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කරයි!

Date:

කොළඹ LNW:නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීමේ කටයුතු ද මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර හෙට (08) දිනය එම ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව හෙට දිනයේ නිල ජන්ද පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමට තැපැල් සේවකයින් කාර්යක්ෂමව යොදවා ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා රක්ෂිත පැකට්,යළිත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යල වෙත රැගෙන යාමද ආරම්භ කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විශේෂ ආරක්ෂාවක් යටතේයි එම කටයුතු සිදුවන්නේ.

මේ අතර තැපැල් ජන භාවිතයද ඉහළ අගයක් ගෙන තිබෙන අතර එය 80%ක් පමණ වී ඇති බව සඳහන්.

එමෙන්ම ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දින තුනම අවසන් වී ඇති නමුත් එම දිනයන්හිදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන්ට ලබන 11 වැනිදා අහ 12 වැනිදා ජන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...

බිඳී ගිය රට නැවත හුස්ම ගනී: ප්‍රතිසංස්කරණය ජාතික අභියෝගයක් බවට

උස් පහත් භේදයකින් තොරව කුඩා වැඩිහිටි සියල්ලන්ටම සෑම දේම...