*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

සජබ e කොළම.

(වොෂින්ටන් මකරා)

🍎රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේත් අවම වැටුප වැඩිකර සේවක සේවිකාවන්ගේ ජීවන මට්ටම උසස් කරනවා. ස්වයං රැකියා කරන අය සුරක්ෂිත කරන වැඩ පිළිවෙල සූදානම්. රටේ සෞඛ්‍ය අධ්‍යාපන යටිතල කෘෂි වාරි හා සියලු ක්ෂේත්‍ර ගොඩදානවා – වි : නායක සජිත්.

🍎එකතුවෙමුයි නොයෙක් යෝජනා එනවා. දූෂිතයන් එක්ක සජබ අපි එදා, අද හා හෙටත් එකතු වෙන්නෙ නෑ.ඒත් ගෑස් සිලින්ඩර හා මාළිමාව අතර හොර ගිවිසුම දැන් රටම දන්නවා – සජිත්.

 🍎රටේ නිදි කිරන නිෂ්පාදන කර්මාන්ත ක්ෂ්‍රේත්‍රය තුළ විප්ලවීය පරිවර්ථනයක් කරලා ඒ තුළින් රැකියාත් ඇති කරලා නිෂ්පාදන අපනයනය තුළින් රටට ඩොලර් උපයනවා. රට බංකොලොත් වුණේ හිටපු ආණ්ඩු මේවා නොකළ නිසයි – සජිත්.

🍎උතුර නැගෙනහිර හා රටම ගොඩ නගන ජාත්‍යන්තර ආධාර සමුළුවක් ලංකාවේ පවත්වනවා. යහපාලන කාලෙත් මම ඒක යෝජනා කළාම නායකයෝ කැමති වුණේ නෑ – සජිත්.

🍎ඔබට දුක් කරදරයක් වුණොත් ඒ වෙනුවෙන් පිහිටට එන හදවත උණුවෙන එකම දේශපාලකයා සජිත් විතරයි – සජබ කියයි.

🍎මාලදිවයිනත්  කයිවාරුකාරයෙකුට රැවටිලා දීලා මාස 06 න් අද ඩොලර් හිදිලා බංකොලොත් වෙලා – සජබ මහලේකම් රංජිත්.

🍎සුමන්තරන් ඇතුළු දෙමළ සන්ධානයේ සහායත් මහින්ද රාජපක්ෂගේ මස්සිනා හේමාල් ගුණසේකර ඌව ආණ්ඩුකාර මුසාමිල් හිටපු ඇමති නන්දිමිත්‍ර ඒකනායකත් ක්‍රිකට් ක්‍රීඩක තිළිණ තුෂාරත් සජබට.

🍎උ / නැ ඇතුළු රටේ සුළු ජාතික පක්ෂ සියල්ලම හා සුළු ජාතීන් ගෙන් 80% ක් ඉන්නේ සජිත් එක්කයි. ඒ තුළ රනිල්ට තියා මාළිමාවටත් මේ ජනපතිවරණය දිනන එක හීනයක් – කිරිඇල්ල.

🍎දිනන්නේ නැති මාළිමාව දිනනවා කියන සමාජ මාධ්‍ය රැළ්ල නිසා රු බිලි 350 ක දැවැන්ත මුදලක් සමග සමාගම් රැසක් කොටස් වෙළෙද පොළ හා රටිනුත් ගිහින්. මාළිමාව දිනුවොත් රට කියුබාව උ කොරියාව වීම නියත බව එතනින් පේනවා – පාඨලී.

🍎රටේ හා ජනතාවගෙ කරුමෙට මාළිමාව දිනුවොත් එක ආයෝජකයෙක් එක ඩොලරයක් එන්නෙ නෑ හා ඉන්න අයත් යනවා. 2022 අනාථවූ තැනටත් පහළට රට ඇද වැටෙනවා – පාඨලී.

🍎එක පිරිසක් රාජ්‍ය සේවය ඈවර කරන්නයි අනිත් පිරිස වැඩ කරන සියලු දෙනා තර්ජණ දාල බය කරගෙන වැඩගන්නයි හදන භයානක පසුබිමක් එනවා. ජනතාව ඉන් මිදීමට පියවර ගන්න -ඩලස්.

🍎ජනපති හා අනුර අනිවාර්යෙන් පරාදයි කියල හැම සමීක්ෂණයෙන්ම තහවුරුවී අවසන්. එනිසා  ඒ දෙගොල්ල හොඳම යාළුවො නිසා දැන් ප්‍රචාරයක් යවනවා රනිල් හා සජිත් එකතු වෙනවා කියලා – චන්දිම වීරක්කොඩි.

🍎සමාජ මාධ්‍ය වල කෘතිම රැළි නොව මහ පොළොවේ ඇත්ත රැළ්ල සජිත්ට යි. රටේ කාන්තාවො 52% ඔහු ජනපති කරන තීන්දුව අරන් ඉවරයි – වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ.

🍎සජිත් තමන්ට ලැබෙන මුදල් පාසල් ස්මාට් පංති, පාසල් බස් හා රෝහල් වලට උපකරණ වලට යටකලා. අනුර ලෝකෙ වටෙන් එකතු කරලා සමාජ මාධ්‍ය මෙහෙයවන්න කෝටි 300 ක බඩු ගෙනැත්. ඔය ටූල් වලින් නගරෙ ගොනාට ඇන්දුවට ගමේ මිනිහා සමාජ මාධ්‍ය වලින් අන්දන්න ක්‍රමයක් නෑ – නලින් බණ්ඩාර.

🍎මාළිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ ත්‍රීවිල් අයට ඇප් එකක් අනිවාර්ය කරනවාලු. ඇප් හදල මේ රටේ වාහන හා දුගී රියදුරන් සුරාකාපු ප්‍රවාහන සමාගමේ අයිතිකරු ගෙ ඇප් එක රටපුරා වාහන වලට පටවන්න ලේස්ති වෙනවා. ඒ සමාගමේ ප්‍රධානීන් මාළිමා ප්‍රතිපත්ති එළිදක්වන තැන සිටීමෙන් වැඩේ එළිවුණා- නිරෝෂන් පෙරේරා..

🍎පරදින සමහර අපේක්ෂකයන් තමන්ට දිනන්න බැරි නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන රට ගිණි තියන මරණ දහජරා පිරිසට යටින් සහාය දෙව බව කියමින් ඇමති අරුන්දින ඉවත් වෙයි. සජබ සමඟ සාකච්ඡා අරඔන ලකුණු…..?

🍎දෙමළ අරසු කච්චි පක්ෂයෙ සහායත් සජිත්ට ලැබීම තුළ ඔහු ගේ ජය දැන් තහවුරුවී අවසානයි – මුජිබර්.

🍎 රට රැකියා වලට යවන වගකීම් බාර දූෂිත ඇමති කෙනෙක් හිරගෙදරට ගිහින් හිරකරුවෙකුට නොයෙක් දේ දෙන්න පොරොන්දු වෙලා මට විරුද්ධව විශාල කුමන්ත්‍රණයක් කරන්න හෝ මට හානියක් කරන්න හදනවා – මුජිබර් පාර්ලිමේන්තුවේදී කියයි.

🍎දකුණ දිනන ප්‍රතිපත්තිය එළිදැක්වූ සජිත්ට උතුර නැගෙනහිර ඇතුළු මුළු රටේම සහාය හිමිවෙන නිසාත් වැඩකරල පෙන්නපු නිසාත් කයියනායකලට වැඩ බැරි බව ජනතාව දන්න නිසාත් සජිත්ගෙ ජය සිකුරුයි – අජිත් පී.

🍎ඉන්දියානු විරෝධය පෙන්නලා 88 – 89 දි අපේ 60,000 ක් තරුණයො බිළිදීපු ජවිපෙ මාළිමාව අද ඉන්දියානු කෝටිපතියන්ගෙ සල්ලි වලට ලංකාව එරටට බිළි දෙන්න හදන බව ජවිපෙ හිටපු තිරෙන් පිටුපස නායක කුමාර ගුණරත්නම් චෝදනා කිරීම ඉතා බරපතලයි – අජිත් මාන්නප්පෙරුම.

🍎මාළිමාව  ට උ/ නැ උඩරට හා කදුකරයේ මෙන්ම ගමේ ඡන්දත් නෑ. ඒ නිසා ඔවුන්ට දිනන්න නම් සිංහල ඡන්ද වලින් 70% කට ආසන්න සංඛ්‍යාවක් ගතයුතුයි. එය කල නොහැකි දෙයක් – සජබ කියයි.

🍎සජිත් දිනන බවට රටපුරා ඔට්ටු ඇල්ලුම් අධිකවෙයි. නිවාස වාහන ගොඩනැගිලි ඔට්ටු වලට මූලික වෙයි. සජිත් දිනන බවට එන ඔට්ටු පිළිගැනීමට පිරිස් නැති වෙලා – හේෂා විතානගේ.

🍎සජබ දිනල ඉවරයි.  බෝනස් ලෙස එජාප හා පොහොට්ටු අයයි දෙවන මනාපය සජිත්ට දීම රටේ සුරක්ෂිත බවට ශක්තියක් වේවි – සජබ කියයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan