ජනපති රනිල් මාවෙයි සේනාධිරාජා හමුවූයේ ඇයි?

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07, කොළඹ (LNW):

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අද පස්වරුවේ හමුව ඇති බව වාර්තා වේ. ඒ යාපනය තෙලිප්පලෙයි පිහිටි සේනාධිරාජා මහතාගේ නිවසේදීයි.

මෙම හමුව සිදුවුණේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජනාධිපතිවරණ ජන රැළි දෙකක් ඇමතීම සදහා පැමිණි අතරවාරයේදීයි. තම නිවසට පැමිණි ජනාධිපතිවරයා හින්දු ආගමික සාම්ප්‍රදානුකූලව මාවෙයි සේනාධිරාජා මහතා විසින් පිළිගනු ලැබූ බව පැවසේ.

මාවෙයි සේනාධිරාජා මහතා කළ පෞද්ගලික ආරාධනයකට අනුවයි මෙම හමුවීම සිදුව ඇති අතර, ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී දෙදෙනා සාකච්ඡා කර තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණයට කළ යුතු දේ BOI සභාපතිවරයා අවධාරණය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවට විදේශ...

කස්සප හිමි ඇතුළු කණ්ඩායමට අදත් ඇප නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත...

ගුවන් අනතුරකින් ඉන්දියාවේ ප්‍රකට දේශපාලනඥයෙකු වන අජිත් පවර් මිය යයි…

රෂිකා හෙන්නායක ජනවාරි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ...

ආණ්ඩුවේ අලුත්ම තීරණය – මින් ඉදිරියට ගමේ සංවර්ධන වැඩ වෙන්නේ ප්‍රජා සංවර්ධන සභා හරහා පමණයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මින් ඉදිරියට ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සියල්ල...