රාජ්‍ය සේවය අනිවාර්යයෙන්ම ඩිජිටල්කරණයට පරිවර්තනය විය යුතුයි – නාමල් රාජපක්ෂ

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතාවට වඩාත් පහසුවෙන් සහ කඩිනමින් සේවාවන් ලබාගැනීමට නම් රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට පරිවර්තනය විය යුතුම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“පැහැදිලිවම ඩිජිටල්කරණය තුළින් පාස්පෝට් එක වෙන්න පුළුවන්, ඩ්‍රයිවින් ලයිසන් එක වෙන්න පුළුවන්, හැඳුනුම්පත වෙන්න පුළුවන්, තමන්ට නිවසේ ඉඳන් ලබාගන්න පුළුවන් වෙන්න ඕනෙ. යම් හෙයකින් කාර්යාලයට යන්න අවශ්‍ය නම් ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ඒ ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් වෙන්න ඕනෙ. ඒ සඳහා අලුත් රෙගුලාසි ඕනෙ නම් අපි හඳුන්වලා දෙන්නම්. නීති සම්පාදනය කරන්න ඕනෙ නම් අපි හඳුන්වලා දෙන්නම්. ජනතා සේවය අපි පහසු කරන්න නම් අනිවාර්යයෙන්ම මේ රටේ රාජ්‍ය පාලනය, රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට පරිවර්තනය විය යුතුයි. මම වගකීමෙන් කියනවා ආදරණීය අම්මේ තාත්තේ, අලුත් පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදියට අලුත් පරම්පරාව නියෝජනය කරන දේශපාලනඥයෙක් විදියට මේ රටේ රාජ්‍ය සේවය ඩිජිටල් පද්ධතියකට අපි අනිවාර්යයෙන්ම පරිවර්තනය කරලා ජනතා සේවාවන් කඩිනමින් සහ පහසුවෙන් ලබාගන්න පුළුවන් ගෞරවාන්විත රාජ්‍ය සේවයක් ගොඩනඟනවා කියන එකත් තමුන්නාන්සෙලාට ප්‍රකාශ කරනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) අලුත්ගමදී පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...