විජේ : තමිල්නාඩුවේ මාලිමාව ….

Date:

අද කතාව විජේ ගැන. විජය කුමාරතුංග නෙවෙයි. තලපති විජේ ගැන. මේ දවස්වල අපේ අයගේ අවධානයත් විජේට. දකුණු ආසියාවේ ජනප්‍රියත්ව දේශපාලනයේ තවත් එක නැගීමක්.

මට නම් විජේගේ පලවෙනි මීටිම දැක්ක ගමන් හිතුනේ අඩේ මේක තමිල්නාඩුවේ මාලිමාව නේද කියල. ඔය ඇම්බියුලන්ස් ටිකයි, වාඩිලාගත්ත කූඩාරම් ටිකයි, දාපු ෆ්ලෑෂ්ලයිට් ටිකයි අතහැරපුවම මේක මාලිමාවේ වැඩේම තමයි. මාලිමාවේ වැඩේ කියන්නේ මුළු ලෝකෙටම සපයපු උදාහරණයක්. හැමෝම කොපි කරන්න අරගෙන. ඒත් ඒක හැමෝටම කොපිකරන්න බැහැ.

එකම දේ දේශපාලනයේ හිටපු අනුර නළුවෙක් උනා. නළුකමේ හිටපු විජේ දේශපාලඥයෙක් උණා.

කතා ගත්තත් විජේගේ ෆෑන් බේස් එකටම හරියන කතා. ලොන්තපෝල් දෙමලු ටික ලාබෙට ෆෝම් කරන කතා. කච්චතිව් ගන්න එකයි, දෙමල අනන්‍යතාවෙයි, නාකි මෝදි ගැනයි, අරකයි මේකයි.

නෙළුම් කොලේ පිණි බින්දු රැදෙන්නේ නැහැ වගේ දෙමලු ටික මෝදිගේ BJP දේශපාලනයෙන් ලිස්සලා යන්න ඕනිලු.

එක ජාතියක් එක දෙය්යෙක් (ondre kulam, oruvane thevan) – ද්‍රවිඩ ජනතාවාදී දේශපාලනය – දූෂිත වෙස්මුහුණු – පවුල් දේශපාලනයට එරෙහිවීම – පවුලක් විසින් තමිල්නාඩුව සූරාකෑම – ඔබේ ආරක්ෂාව – ධීවර ගැටළු වගේම පැවති දේශපාලනය ප්‍රභූ එකක් හැටියටත් ඒක සතුරෙක් හැටියටත් විජේ වෙස් ගැන්වුවා. ඒ වචන ලස්සනට උච්චාරණය කළා.

මේ සටන්පාඨ, අඩි සීයේ ධජ පතාක නැගලා යයි. දෙමළ ෆිල්ම්වල වගේ සතුරන් නසයි. මාලිමාව දින්න වගේම විජෙත් දිනයි. තමිල්නාඩුව එහෙමම තියෙයි .

සියල්ල සෙලියුලොයිඩ් යථාර්තයක් වෙයි.

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...