මහානම පිටියෙන් ඉවත්වීම ගැන …

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 07, කොළඹ LNW:

ක්‍රීඩා අමාත්‍යවරයා පත් කරන ලද ජාතික ක්‍රීඩා සභාවේ සිටි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙකු වූ රොෂාන් මහානාම ඉන් ඉවත්විමට තීරණය කර ඇත.ඒ මහත්මාකම නොමැති තැන රොෂාන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යයතාවය මතයි කියා ඉවත්ව යාම නුහුරු නුපුරුදු දෙයක් නොවේය.


රටතුළ අති වී තිබෙන දේශපාලන වෙනස්කම වෙනුවෙන් ඔහු දේශපාලන වේදිකාවට ගොඩ වූ අයෙකු නොවුණ ද,එය ඉල්ලා මේ රටේ ජනතාව නිර්පාක්ෂිකව කළ අරගලයේ දී පාරට බට සටන්කාමීයෙකුය.ඒ නිසා ඒ අපේක්ෂිත වෙනස වෙනුවට කාගේ හෝ වෙනත් අරමුණු සහිත බලපෑම් ඉටු කිරීමට රොෂාන්ව පාවිච්චි වෙන බව දැණුන තැන ඔහු මේ තීරණය ගන්නට ඇත.
අතීතයේ සිඳු වූ විශාල වැරදිවලට දඬුවම් ලැබිය යුතු පිළිතුරු බැඳිය යුතු අය සහ ක්‍රීඩා සභාවට පත්වීමට පණතෙන්ම නුසුදුසු අය නම් කරමින් එක් ක්‍රීඩාවක් එක් පිරිසකගේ උවමනාව වෙනුවෙන් සකස් කරදීමට මහන්සි වීම හැරෙන්නට දෙයක්,ජාතික ක්‍රීඩා සභාව තුළින් සිඳු නොවන තත්ත්වයක රොෂාන් පිටියෙන් ඉවත්ව යන්නට ඇත.


රොෂාන් ජනතාවගේ හදවතේ නොදැවුණු ක්‍රීඩකයෙකි.එවැනි අයෙකුගේ කඩුල්ල රැක ගැනීම වෙනුවට චෝදනාලාභීන්ය රැක ගැනීම සහ නුසුදුස්සන්ගේ පැවත්ම තහවුරු කරන වටපිටාවක් තුළ ක්‍රීඩා ප්‍රේමී ජනතාව ඉදිරියේදී ආණ්ඩුවට එරෙහිව ක්‍රීඩා කිරීම ආරම්භ කරනු ඇත.පෙන්වාදීම තඹයකට මායිම් නොකර තමන් තෝරා ගත් පුද්ගලයන්ගේ උපදෙස් මත වැරදි පාරේම ගමන් කරන ක්‍රීඩා ඇමතිවරයා,නිර්ප්‍රභූ දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරන දේශපාලන කඳවුරක් සිටිමින් තමන්ගේ වෘත්තීය ක්‍රීඩා පණතෙන්ම ප්‍රභූත්වයට පත් කර ගැනීම හැරෙන්නට වෙනත් දෙයක් කළ බවක් පෙනෙන්නට නැත

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජනපතිගෙන් කොන්දේසියක්!

කොළඹ LNW:දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම වළක්වා...

ජාත්‍යන්තර නිල් අහස් දිනය අද…International Day of Clean Air for blue skies

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07 කොළඹ LNW : අදට (07)...

මහින්ද විජේරාමෙන් මැදමුලනට?

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ...