*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

අට වෙනිදා දුවන යුපුන් නව වෙනිදා බලමු

ඩයමන්ඩ් ලීග් තරගාවලිය යටතේ මීටර් 100 අවසාන තරගය නියෝජනය කරන්න සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එරට වේලාවෙන් සැප්තැම්බර් 8 දා රාත්‍රී 08.49 ට (20.49) ට තරග බිමට පිවිසීමට සූදානම්ය.තරගාවලිය පැවත්වෙන ස්විට්ස්ර්ලන්තයේ සුරිච් වේලාව හා ලංකාවේ වේලාව සසඳද්දී ශ්‍රී ලංකාවට එම තරගය නරඹන්නට වන්නේ සැප්තැම්බර් නව වන දින අළුයම 12.19 ට ය.(00.19)
තත්පර 10 අඩුවෙන් මීටර් 100 දුවන පොකුරේ සිටින යුපුන් මේ තරගය පැවත්වෙන මොහොතේ කරන්නේ කුමක්ද යන්න මිස ඔහු ලෝකයේ කුමන තරගකරුවන්ට වාර්තා කර ඇති කාලය අනුව ඉදිරියෙන් හෝ පසුපසින් සිටිනවාද යන්න වැදගත් නැත.සමහර විට විවිධ පාරිසරික බලපෑම් මත,තාක්ෂණික කරුණු මත වැනි කාරණා නිසා තරගයේ වේගය මෙන්ම ඒ මොහොතේ දී ආරම්භයේ දක්වන ප්‍රතික්‍රියා වේගයද අනුව තරගයේ ජයග්‍රාහකයා වෙනස් විය හැකිය.හොඳ ආරම්භයක් සමඟින් තමන්ගේ හොඳම කාලය වාර්තා කරන්නට සමත් වුවහොත් යුපුන්ට මේ තරගය ජයගැනීම අපහසු එකක් නොවනවා ඇත.සංස්කෘතික වශයෙන් ගත් විට ශ්‍රී ලංකාවට ඉතිහාසයේ මෙවන් අවස්ථාවක් හිමිවන පළමු මොහොතේදී එය නියෝජනය කරන්නා ලෙස යුපුන්ගේ මනස ක්‍රියාකාරී වන අයුරුත් ඉතා වැදගත්ය.
තරගයට සුදුසුකම් ලැබීම තුළම යුපුන් මෙන්ම ශ්‍රී ලංකාවද ඓතිහාසිකව ජයග්‍රහණයකට දායක වී ඇත.ඒ නිසා ජයග්‍රාහකයෙක් සේ තරගයට ඉදිරිපත් වීමේ මානසිකත්වය යුපුන්ට මෙහිදි ලබා දෙන උත්තේජනය අතිශයින් වැදගත්ය.ඒ උත්තේජනය සහ විශ්වාසයට යුපුන්ගෙන් සාර්ථක ආරම්භයක් ද එකතු වුවහොත් අටවෙනිදා දකින්නට නව වෙනිදා අවදියෙන් සිටීම කණස්සල්ලට හේතුවක් නොවනු ඇත.ජයග්‍රහණයක්ම පමණක් නොව නව ශ්‍රී ලංකා සහ නව දකුණු ආසියාතික වාර්තාවක් සියැසින් දකින්නට හැකිවීමේ භාග්‍යවන්තයෙක් සේ නින්දට යන්න ඔබට ලැබෙනු ඇත.
යුපුන්!
LNW ඔබටත්- රටටත්- දකුණු ආසියාවටත් ජය පතමු!

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan