*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

සංවේදී කරුණු නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා කරන්න බෑ – මහබැංකු අධිපති (VIDEO)

වෙළඳපොල කටයුතු කෙරෙහි සංවේදී කරුණු නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් තමන්ට අදහස් දැක්විය නොහැකි බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

“ඊළඟ අවුරුදු 4 – 5 ඇතුළත සාමාන්‍ය වශයෙන් අපට බාහිර ණය ඩොලර් බිලියන 6ක් පමණ ගෙවීමට තියෙනවා. ඊටපසු අවුරුදු 4 – 5 ඇතුළත ඩොලර් බිලියන හතරේ සිට පහ දක්වාත්, ඩොලර් බිලියන 27කුත් ගෙවන්න තියෙනවා. ණය ගෙවීමට අපට නොහැකි බව අපි නිවේදනය කළ අවස්ථාවේදී අපට අවශ්‍ය වුණේ බාහිර ණය පමණක් ප්‍රතිව්‍යුහගතකරණය කර විදේශ විනිමය අර්බුදය විසඳීමටයි. එයයි අප්‍රේල් මාසයේ තිබුණු තත්වය. අපි ඉදිරියට යනකොට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක නිලධාරී මට්ටමේ එකඟතාවයකට ඇවිල්ලා නිල වශයෙන් අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය පටන් ගත්තා. නිලධාරීන් වශයෙන් අපට ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතාකිරීමට හැකියාවක් නෑ, මොකද ඒවා වෙළඳපොල කටයුතු කෙරෙහි සංවේදී කරුණු නිසා. ඒනිසා මට මේ ගැන අදහස් පළකරන්න බෑ. අපි නිලධාරී මට්ටමේ එකඟතාවයකට ගිය දවසේ ඉඳන් අපි මූල්‍ය එකඟතා උපදේශකයින් සමග අපේ ණයහිමියන් සමග සාකච්ඡා කරන්න පටන් ගත්තා. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ගනුදෙනුවල විනිවිදභාවයක් තිබීම හොඳයි. ඒත් වෙළඳපොලට සංවේදී යම් යම් තොරතුරු අපට අනාවරණය කරන්න බෑ, ඒවා ක්‍රියාත්මක වනතුරු”

නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan