ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ඇමරිකාවේ පූර්ණ සහාය

මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා උපරිම සහයෝගය ලබාදෙන බව ඇමරිකාව පවසනවා. එරට භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබේ.

පැරිස් සමාජයේ මූලධර්මවලට අනුව ණය ප්‍රතිව්‍යූහගත කිරීම වෙනුවෙන් ඇමරිකාව මුල්‍ය සහතික ලබාදෙනු ඇති අතර ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඇමරිකානු මුල්‍ය නියෝජිතායතනද මීට සම්බන්ධ වන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති විදෙස් රටවලින් සහ මුල්‍ය ආයතනවලින්, ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීම් සිදුකර ඇති අතර කෙසේ නමුත් මෙරට ප්‍රධාන ණයහිමියා වන චීනය ඇතුළු පාර්ශ්ව ගණනාවක් ඊට එකඟතාවය පළකර නොමැත.

ණයහිමියන් විසින් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා එකඟ වනතෙක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමටද නොහැකි වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...