රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07, කොළඹ LNW :
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවන් සමත් වූයේ සිය අපරාජිත වාර්තාව රැකගනිමිනි.
පන්දු යැවීමේදී චමුදි ප්රබෝධා දක්ෂතා දැක්වූ අතර, පිතිකරණයෙන් හර්ෂිතා සමරවික්රම නොදැවී ලකුණු 48ක් ලබා ගනිමින් ජයග්රහණය තහවුරු කළාය.
ඩුබායිහිදී පැවැති මෙම තරගයේදී බංග්ලාදේශය ලබා දුන් ලකුණු 115ක ඉලක්කය ශ්රී ලංකාව ඉතා දක්ෂ ලෙස හඹා ගියේය.


