ආණ්ඩුවට පමණක් රට ගොඩනැගීමට නොහැකි බවත් රට ගොඩනැගීම යනු ජනතාවගේ වගකීමක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
“ඉස්සර අපේ පක්ෂයේ හිතවතුන්ට, අපේ ක්රියාකාරීන්ට, අපේ සහෝදර සහෝදරියන්ට තිබ්බ වගකීම තමයි පක්ෂය ගොඩනගන එක. මහජන ව්යාපාරය හදන එක. එන්පීපී එක හදන එක. ඒක තමයි තිබිච්ච වගකීම, බලය සඳහා. දැන් අපි බලය අරගෙන තියෙන්නෙ. දැන් අපිට තියෙන්නෙ මොකක්ද ? අපි පහුගිය කාලෙ මහන්සිවෙලා බලය ගැනීම සඳහා එන්පීපී එක හැදුවා වගේම ධෛර්යයෙන් එකතුවෙලා දැන් අපි රට හදන්නත් ඕනෙ. මොකද කියන්නෙ ? රට හදන්නත් ඕනෙ. රට හදන එක ආණ්ඩුවට විතරක් අයිති වැඩක් නෙවෙයි. ඒක එහෙම හදන්න බෑ. මේක කාගෙ වැඩක්ද ? මේක රටේ ජනතාවගේ වැඩක්. විශෙෂයෙන්ම මාලිමාව ගැන විශ්වාසය තියලා, මාලිමාවට ඡන්දය දීපු ජනතාවගේ වැඩක් තමයි රට හදන්න දායක වෙන එක”
ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (06) බේරුවලදී පැවති ‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ මහා ජන රැලිය අමතමිනි.


