ඇමරිකාවේ බලශක්ති පහසුකම්වලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවයි

සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 07
:
ඇමරිකාව විසින් ඉරාන ඉලක්ක වෙත සිදුකරන ප්‍රහාර තවදුරටත් සිදුවුවහොත් ඊට දැඩි ප්‍රතිචාරයක් ලබාදෙන බව ඉරානය අනතුරු අඟවා තිබේ.

ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් කාලිබාෆ් සඳහන් කර ඇත්තේ කලාපයේ තෙල් හා ගෑස් නිෂ්පාදන ජාලය පුළුල් වුවද පහසුවෙන් ප්‍රහාරයට ලක්විය හැකි තත්ත්වයක පවතින බවයි.

ඉරානයේ බලශක්ති වත්කම් වෙත ප්‍රහාර එල්ල කළහොත්, කලාපයේ ක්‍රියාත්මක වන ඇමරිකානු තෙල් හා ගෑස් සමාගම්වල පහසුකම්ද ප්‍රතිප්‍රහාරවලට නිරාවරණය විය හැකි බව ඔහු අනතුරු අඟවා ඇත.

මෙම අනතුරු ඇඟවීම නිකුත් වී ඇත්තේ ඇමරිකාව සහ ඉරානය අතර නෞකා සම්බන්ධයෙන් ඇති වූ නවතම ගැටුම් මාලාවක් මධ්‍යයේය. පසුගිය දිනවල ඇමරිකානු හමුදා ඉරාන තෙල් නෞකා කිහිපයකට ප්‍රහාර එල්ල කළ අතර, ඉරානයද ඇමරිකානු නෞකා සම්බන්ධයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නව සීමාකළ මුහුදු කලාපයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරානය සූදානම් වන බවද වාර්තා වන අතර කලාපයේ පවතින මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් ලෝක තෙල් වෙළඳපොළටද බලපෑම් එල්ල වී ඇති අතර, බ්‍රෙන්ට් බොරතෙල් මිල බැරලයකට ඩොලර් 97 ආසන්න මට්ටමකට ඉහළ ගොස් තිබේ.

ඇමරිකානු-ඉරාන ගැටුම තවදුරටත් උත්සන්න වුවහොත් මැද පෙරදිග බලශක්ති සැපයුම් සහ ජාත්‍යන්තර නාවික ප්‍රවාහනයට සැලකිය යුතු බලපෑමක් එල්ල විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...