*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව ගැන තක්සේරුව වැරදි බව චමරිගේ බල ඇණිය පෙන්වා දෙති.

එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියෙන් තරග 2-1 විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත් වුණා.නැවත වරක් සිය දක්ෂතාවයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බැබල වූ චමරි අතපත්තු මෙවර පිත්තෙන් පමණක් නොව පන්දුවෙන්ද එංගලන්තය අසරණ කරන්නට පෙරට පැමිණියා.
තරගාවලිය ඇතුළෙ පිත්තෙන් ලකුණු 114 ක් එකතු කරපු චමරි කාලෙකට පස්සෙ පන්දු යැවීමේ වගකීමට වෙනදට වැඩිය අවධානයක් යොමු කිරීම කැපී පෙණුනා.එහිදී ත් ඇය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නිය ලෙස කවීශා දිල්හාරි සමඟ සමතැන් ගත්තා.ඒ කඩුලු 5 බැඟීන් ලබා ගැනීම කණ්ඩායම දෙකේම වැඩිම කඩුලු ලබා ගැනීමත් වුණා.

පිතිකරණයේ මතු බලාපොරොත්තුව හර්ෂිතා

චමරි ශ්‍රී ලංකාව ජයගත් තරග දෙකේ වීරවරිය මෙන්ම තරගාවලියේ වීරවරිය වුණා.ඇය ලොව සිටින ඉහළම මට්ටමේ ක්‍රීඩිකාවක්.ඒ ගැන විවාදයක් නැහැ.තරගාවලියේ ජයග්‍රහණය ගැන ඇය කියන වැදගත්ම කාරණය කාන්තා ක්‍රිකට් සම්බන්ධයෙන් රටේ ක්‍රිකට් පරිපාලනය ඇති කර තිබෙන විශ්වසනීය තත්ත්වය.මේ වන විට ක්‍රීඩිකාවන් 60 දෙනෙක් කොන්ත්‍රාත් පදනමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ වී සිටින බව.මෙන්න මේ මූල්‍යමය සහතිකය සමඟ වෘත්තීය මට්ටමට පිවිසීමට සහ එම තත්ත්වය තුළ දක්ෂතාවලින් පෙරට පැමිණීමෙන් අත්පත් කර ගත හැකි වටිනාකම ශ්‍රී ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට අතිශයින් වැදගත් පියවරක්.

තුන් ඉරියව්වේ ජය ඉරියව්ව කවීශා


ඒ සමඟම කණ්ඩායම් ක්‍රීඩාවක් හැටියට ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉදිරියෙන්ම සිටින නෙට්බෝල් වැනි ක්‍රීඩාවන් පරයා කාන්තා ක්‍රිකට් ගව් ගණනක දුරින් සමාජගත වන්නට ඇති ඉඩ සමඟ තව දුරටත් අතිශයින් කොටු ගසා ගත් සීමාවන්වල තමන්ගේ ඊගෝ සංතර්පණය කර ගන්නට කෙහෙවලු පටලාගන්න නෙට්බෝල් නෝනලාගේ පිළුණු ආකෘතිය අස්සේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්,නෙට්බෝල් අභිබවා යාමට නියමිත බව ද පැහැදිළියි.පිටටනියට බසින ක්‍රීඩිකාවන්ට උද්යෝගය ඇති කිරීම,වීහ්වාසය තහවුරු කිරීම,ජීවත්වීමට උපකාරයක් වීම කියන කාරණය ඇතුළේ ආයතන කිහිපයකට ක්‍රීඩා කරන්න රිංගවීමට එහා ගිය වෘත්තීය පදනමක් නිර්මාණය කිරීමට අපොහොසත් ක්‍රීඩාවන් මේ කොදෙව්ව තුළ හැකිලෙමින් පවතින්නේ ඒවා අත් කර නොගන්නා වෘත්තිමය ස්වභාවය නිසයි.ක්‍රීඩාව පළල්ව විහිදි කර්මාන්තමය ස්වභාවයකට පත් කර ගැනීමට ඇති අපොහොසත් බව නිසයි.

චමරි පසුගිය කාලයේ යම් පසුබෑමක සිටියත් නැවත මාස කිහිපයක සිට ලෝකයේ අවධානය ඉහළින්ම දිනා ගන්නා ක්‍රීඩිකාවක් බවට පරිවර්ථනය වන්නට වෙහස වී කැප වී දැල තුළ පන්දුවට පහරදීමට විශාල කාලයක් යෙදවීම මේ දක්ෂතාවලට හේතු වී තිබෙන බව පෙන්වා දෙනවා.විශේෂයෙන්ම මේ තරගාවලිය ඇතුළෙත් කණ්ඩායම චමරිගෙන් නොනවතිනු ඇති බවට පහළ වූ ඉඟි අතිශයින් වැදගත්.තමන් ක්‍රීඩා කළ ඉණිම දෙකම ජයග්‍රහණයට අවශ්‍යය පදනම ශක්තිමත් කරමින් නොදැවී සිටි හර්ෂිතා මධවී සමරවික්‍රම පිතිකරණය පැත්තෙන් සළකා බලන විට හොඳ ආයෝජනයක්.ඒ වගෙම විශ්මි ගුණරත්නත් ජාත්‍යන්තර පිටියේ හැසිරෙන නිර්භීත විලාශය අතිශයින් වැදගත් එකක් වනු ඇති.
වඩාත්ම වැදගත් මේ තරගාවලියේදී පිත්ත අතට ගන්නට අහිමි වුණත් කවීශා දිල්හාරි දක්වන දස්කම්.ඇය තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස හෙට ශ්‍රි ලංකාවට අතිශයින් වැදගත් වනු ඇති බව පැහැදිළි කළා.මේ තරගාවලියේ හොඳම පන්දු යවන්නිය වෙමින් කවීශා කඩුලු ලබා ගන්න තරමටම ලකුණු කරා යාමට ද එංගලන්ත පිතිකාරණියනට බාධාවක්ව නැඟී සිටියා.එසේම ඇය මේ මොහොතේ පන්දු රැකීමේ දක්ෂතාවය හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන සහයද අතිශයින් වැදගත් වෙනවා.

එංගලන්ත නායිකා හේදර් නයිට් තරගාවලිය ගැන අදහස් දක්වමින් ශ්‍රි ලංකාවේ දක්ෂතා අගය කළත්,තමන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් විවේක නොගැන්නුවේනම් පරාජය නොවීමට තිබුණු බව කියන්නට උත්සාහ කළා.නමුත් ඒ වන විට එංගලන්ත කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ පරාජය වී අවසන්.

ඔවුන් යම් ආකාරයකට දෙවන පෙළක් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ගැන වැරදි තක්සේරුවක් කරනු ලැබුවා.එහිදී මුහුණ දුන් පළමු තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජය ගත්තද එහිදී එංගලන්ත පිතිකාරිණියන් පහසුවෙන් පිත්ත හසුරුවනු ලැබුවා.මේ නිසාම ඔවුන් දෙවන තරගයේදී ශ්‍රී ලංකාව ගැන සිතීම තව දුරටත් පුංචි කරමින් සිය පන්දු යැවීමේ බල ඇණිය වෙනස් කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට පහර දීමට හැකි ශක්තිමත් පිතිකරණ සේනාවක් තමන් සතුව සිටින බැවින් ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට ළඟා විය නොහැකි ආකාරයට ලකුණු ලබන්නට එංගලන්තයට හැකි බව පෙන්වන පිංතූරයක් ප්‍රදර්ශනය කරමින්.ඒ අනුව දෙවන තරගයේදී කැඳ වූ පන්දු යවන්නියන් තෙවන තරගයේදී යළි වෙනස් කරන්න වෙන ආකාරයෙන් එංගලන්තය පරාජය කරන්නට ශ්‍රි ලංකා ක්‍රිඩිකාවන්ට පුළුවන් වුණා.එසේම වැදගත්ම කාරණය වන්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් තමන්ට එරෙහිව පළමු තරගයේදී සාර්ථක වූ එංගලන්ත පිතිකාරිණියන් දෙවන සහ තෙවන තරගවලදී සිය අණසකට යටත් කර ගත් ආකාරයයි.ඒ නිසාම එංගලන්ත නායිකාවට තමන් දඟ පන්දු යවන්නියන් ඉදිරියේ අසාර්ථක වූ බව පිළිගන්නටත් සිඳු වුණා.

එසේම එංගලන්ත කාන්තා කණ්ඩායම සම්පූර්ණයෙන් කෝඩුකාර කණ්ඩායමක් නොවුණ අතර ඔවුන් සියලු දෙනාම පාහේ ජාත්‍යන්තර පිටියේ එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් වුණා.ඒ නිසා දෙවන පෙළ කණ්ඩායමක් හැටියට ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජය වූ එංගන්තය සුළු කොට තැකීම ශ්‍රී ලංකාවේ හරි තරම තේරුම් නොගැනීමක් පමණක් වෙනවා.මේ වන විට නව දිරි දීම් සහිත වෙනස්කම් සමඟින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලොව දක්ෂතම කණ්ඩායම් අතර එක පෙළට සිට ගැනීමට හැකි මට්ටමට පෝෂණය වෙමින් තිබෙනවා.ඒ සඳහා වෘත්තීය මට්ටමට පළල් කිරීම වගේම ඊ ළඟ පරපුර සූදානම් කිරීමේ අවශ්‍යයකාවයද වැදගත් බැවින් ශ්‍රී ලංකා කාන්තා යොවුන් ක්‍රීඩිකාවන් සහ දෙවන පෙළ කණ්ඩායම් සඳහා වැඩි අවස්ථා ජාත්‍යන්තර වශයෙන් ලබා දීම වැදගත් වෙනවා.


එවිට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් දෙස අඩු තක්සේරුවෙන් බැලුව එංගලන්ත කණ්ඩායමට වුණ දේ ලොව ඕනෑම කණ්ඩායමකට සිඳු කළ හැකි ශක්තිසම්පන්න කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති.

සමස්ත තරගාවලියේම විස්තර සහ තරග ලකුණුවලට පහත සඳහන් සබැදියෙන් පිවිසීමට ඔබට හැකියාව තිබෙනවා.
https://www.espncricinfo.com/series/sri-lanka-women-in-england-2023-1336069/match-schedule-fixtures-and-results

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan