*
Monday, May 6, 2024
spot_img

Latest Posts

වැඩ කරන ජනතාවගේ අරමුදලට අත තියන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිමට අපි විරුද්ධයි – සජිත් (VIDEO)

මිලියන 22ක යහපත වෙනුවෙන් රාජ්‍ය පාර්ශ්වය කටයුතු කරන බවට කීවද මෙවන් තත්ත්වයක් රට තුළ නිර්මාණය වූයේ රජයේ පාර්ශ්වම බිලියන 600ක 700ක රාජ්‍ය ආදායම කප්පාදුවන සුපිරි පොහොසතුන්ට බදු සහන ලබා දීම නිසා බවත් ඒ තුළින් ඇති වූ ආර්ථික ව්‍යාකූලත්වය මත බංකොලොත් භාවයක් ඇති වූ බවත් එදා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම සියයට 12 සිට 8 දක්වා බැස්සවීමට අදාළ බදු සහන දීමට අත් එසවූ අය රේටින් ආයතන අප රට පහතට දමන විට එයට සිනාසුණු බවත් ඒ නිසා ප්‍රාග්ධන වෙළෙඳපොළට තිබූ ප්‍රවේශය අහිමි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ පාර්ශ්වය නඩු තීන්දු ගැන කියවන බවත් මොවුන් විවිධ අවස්ථාවන්වල දී වරප්‍රසාද ප්‍රශ්න ගෙනවිත් අධිකරණයට බලපෑම් එල්ල කළ බවත් රජයේ මන්ත්‍රිවරුන් වරප්‍රසාද යෝජනා ගෙන ආ පසු කතානායක පවා ඊට උඩගෙඩි ලබා දෙමින් අධිකරණයට පවා බලපෑම් සිදු කළ බවත් ඊට අමතරව අධිකරණ විනිසුරුවන්ට ප්‍රිය සම්භාෂණ ලබා දීම විවිධ සම්මන්ත්‍රණවලදී බලපෑම් කිරීම් සිදු කළ බවත් මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් එළිපිළිටම අධිකරණය සිදුවූ බලපෑම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සෞභාග්‍යයේ දැක්මක් ගෙනවිත් රට බංකොලොත් කළ පුද්ගලයන් දැන් කල්පනාකාරීව කටයුතු කරන්න යැයි කියන බවත් මොවුන් සුපිරි පොහොසතුන් රකිමින් වැඩ කරන ජනතාවගේ බඩට ගසමින් සිටින බවත් මෙවුන් මේ ඉදිරිපත් කර තිබෙන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතට විරුද්ධ වන බවත් එයට හේතුව වන්නේ සුපිරි පොහොසතුන්ට හා ඇති හැකි ප්‍රජාවට වෙනමම සැලකිල්ලක් සහ වැඩ කරන ජනතාවගේ ඊපීඑෆ් මුදල් පොකට් ගසන වෙනමම සැලකිල්ලක් සිදු කරන නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (6) පාර්ලිමේන්තුවේ දී දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමිනි.

මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිම ස්වකීය කැමැත්තෙන් සිදු කරන බවට රජය පැවසුවත් එය බලහත්කාරයෙන් සිදු කිරිමක් බවත් එයට අකැමැති වෙනවා නම් බදු සියයට 14 සිට 30 දක්වා වැඩි කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. එසේම අර්ථසාධක අරමුදල්වලට කිසිදු බලපෑමක් නොවන බව පැවසුවත් එය රැවටීමක් බවත් මේ තුළින් වැඩ කරන ජනතාවගේ ඉතිරිකිරිම්වලට දැඩි බලපෑමක් වන බවත්විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම අර්ථ සාධක අරමුදලට මුදල් යොදන ලක්ෂ 24ක ජනතාවගෙන් බහුතරයක් ලක්ෂයකට අඩු ආදායමක් ලබන බවත් වතුකරයේ සේවය කරන ලක්ෂ 4ක ජනතාවගේ ආදායම ලක්ෂයට අඩු බවත් මේ අයටත් සියයට 14ක බද්දක් ගහන බවත් ඔවුන්ගේ බදු ආදායම 0 විය යුතු වුවත් නොහෙබිනා ආකාරයට මෙහි දී බදු ආදායම ලක්ෂ 30 දක්වා වැඩ කරන බවත් එය අසාධාරණ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එමෙන් ම වැඩ කරන ජනතාව අතර බෙදීමක් ඇති කරන බදු ක්‍රමයක් මෙහි දී ක්‍රියාත්මක බවත් අර්ථ සාධක අරමුදලට එක සැලකිල්ලක් සහ මහබැං-කු සේවකයන්ගේ අරමුදලට එක සැලකිල්ලක් මෙහි දී දක්වා ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

තව ද අපේ රට පමණක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිමක දී බැංකු පද්ධතියට හෝ පෞද්ගලික ව්‍යාපාරිකයන්ට හානියක් නොකර වැඩ කරන ජනතාවගේ අරමුදලට බලපෑම් කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වී ඇති බවත් මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් නොවන බවත් ආණ්ඩුව ස්වකීය කැමැත්තෙන් වැඩ කරන ජනතාවගේ අරමුදල් පිට්පොකට් ගැසීමට මෙය ක්‍රියාත්මක කළ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේ ම සමාජ ආරක්ෂක අරමුදල්වලට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිමක දී දැඩි බලපෑමක් සිදු කළ ලෝකයේ එකම රට බවට ශ්‍රී ලංකා පත්ව තිබෙන බවත් මහ බැංක-ුව හා මූල්‍ය මණ්ඩලය 1992 අංක 14 දරන අර්ථ සාධක පනත පවා උල්ලංඝනය කරමින් වැඩ කරන පන්තියට තාඩන පීඩන යොමු කර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුළු බව ඔවුන් වෙත යොමු කර ඇති බවත් මෙහි දී ගජමිතුරු ධනවාදීන්ට කිසිදු බලපෑමක් සිදු නොකරන බවත් පැවසීය. දේශපාලනයට එනවිට පොඩි මිනිහා ගේ අයිතිය ගැන කිය කියා දේශපාලනයට ඇවිත් මේ පිරිස් දැන් ලුම්පන් ධනවාදය ගැන කතා කරන බවත් ඔවුන් පොඩි මිනිසා දිනවනවා කියා පැමිණ සුපිරි පොහොසතුන් රකිමින් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දි ප්‍රකාශ කළේය.

මෙය සමාජ සාධාරණවත්වයක් නොවන බවත් රජයේ බලවතුන් සුළු පිරිසක් තම ධන බලය දේශපාලන බලය උපයෝගී කර ගෙන බොරුවෙන් වංචාවෙන් මිත්‍යාවෙන් රවටා වැඩ කරන ජනතාව සූරා කන බවත් මේ වැරදි ක්‍රියාව සිදු කරන සියලු දෙනාට අනාගතයේ දී වගකිව යුතු වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පාස්කු ප්‍රහාරය ගෙන බැලුවොත් අද වන විට සත්‍ය එකින් එක එළියට එන බවත් එවැනි ආකාරයටම ඊපීඑෆ් ඊටීඑෆ් මගඩි ගැන අනාගතයේ දී සත්‍ය සොයා වැඩ කරන ජනතාවට සිදු කරන මේ බලපෑමට දඩුවම් ලබා දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් කියා සිටියේ මොවුන් අධිකරණ තීන්දු පවා හෑල්ලුවට ලක් කරන්නේ අධිකරණයට නිවැරදි දත්ත ඉදිරිපත් නොකර සිටීම නිසා බවත්ය.

වෙළෙඳපොළට සංවේදී කාරණා කියා අධිකරණයෙන් පවා සත්‍ය සඟවමින් සිටින බවත් දැනට පෙනෙන්නට තිබෙන කරුණු කාරණා මත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුල වැඩ කරන ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කර ඇති බවත් ඊට එරෙහි වීමට අධිකරණයට පවා ඉඩ ලබා නොදෙමින් බලපෑම් කරමින් සිටින බවත් තමන්ට පක්ෂපාතී තීන්දු ලබා නොදෙන මහේස්ත්‍රාත්වරුන් මාරු කිරිමට පවා රජය සූදානමින් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අවසාන වශයෙන් විපක්ෂ නායකවරයා කියාසිටියේ වත්මන් රජය වැඩ කරන ජනතාවගේ අරමුදල්වලට බලපෑම් කරමින් කටයුතු කළත් සමගි ජන බලවේග රජයක් යටතේ එ අයිතින් සහ අරමුදල් ආරක්ෂා කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡාවකට ගොස් රටට හිතැති ගිවිසුමකට එළබෙන බවයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan