චැනල් 4 වාර්තාව ගැන විමර්ශනයක් ඕනෑ. විමර්ශනයක් නැතුව පිළිගන්නේ නෑ – කාදිනල් හිමි (VIDEO)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිත්‍යාන්‍යයේ චැනල් 4 ආයතනය විකාශය කළ වාර්තාව පිළිබඳව ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් යොදවා විමර්ශනයක් සිදුකළ යුතු බවත් විමර්ශනයක් නොමැතිව එම වාර්තාව තමන් පිළිනොගන්නා බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.

“අපි චැනල් 4 නාළිකාවට කෘතඥතාව පළ කරනවා. අපිට වැදගත් නාලිකාවේ පැරණි හැසිරීම නොවෙයි. අපේ ප්‍රශ්නය ගැන ඉදිරිපත් කළ කරුණුයි වැදගත්. ඉදිරියට කඩිනමින් කළ යුතු වන්නේ, චැනල් 4 ඉදිරිපත් කළ කරුණු සහ පුද්ගලයන් පිළිබඳ අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් අරඹන්න. විමර්ශනය කළ යුත්තේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක්. විමර්ශනය ස්වාධීනව සිදුකිරීමට, විමර්ශනයට ලක්වන සියලු නිලධාරීන්ගේ සේවය අත්හිටුවන්න. රජය අපේ යෝජනා ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු වෙනවා.”

ප්‍රශ්නය – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ වාර්තාව ඔබවහන්සේ පිළිගන්නවා ද නැද්ද?

“මම එය විමර්ශනයක් කර පිළිගන්න සූදානම්. විමර්ශනයක් නැතුව පිළිගන්නේ නැහැ”

ප්‍රශ්නය – මේ ප්‍රශ්නගත චැනල් 4 වීඩියෝ එකේ ඔබවහන්සේගේ ප්‍රකාශ අන්තර්ගත වෙනවා. එක තැනක දී ඔබවහන්සේ කියනවා මේක බලය ලබාගැනීමට කරපු කුමන්ත්‍රණයක්. ඊට රජයේ ප්‍රබල පුද්ගලයන් සම්බන්ධයි කියලා ඔබවහන්සේගේ වචනයෙන් කියනවා. මේ වීඩියෝ එකේ හෙළිදරව් කරපු කරුණුවලට අමතරව ඔබවහන්සේ මොනවගේ කරුණක් මත පදනම් වෙලා ද එම ප්‍රකාශය කළේ. ඔබවහන්සේ මීට වඩා තොරතුරු දන්නවාද ?

“මුල දී ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා හිතුවා. නමුත් පසුව අදහස වෙනස් කරගත්තා. රජය ඇල්මැරුණු ආකල්ප ක්‍රියාත්මක කළේ. ඔවුන්ගේ සම්බන්ධයක් තියෙනවා ද කියන සැකය ඇතිවුණා. එතකොට ජනවිඥානය කියන්න ගත්තා කුමන්ත්‍රණයක් කියලා. ජනාධිපති කොමිසම් වාර්තාවේ කරුණුත් සැකයට තුඩුදුන්නා.”

ප්‍රශ්නය – පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශයක් කළා සිදුකෙරුණු විමර්ශන සම්බන්ධයෙන් ඔබතුමන්ලා චෝදනා කරනවා විතරයි. ඔවුන්ට අවස්ථාවක් දෙන්නේ නැහැ ඒවා සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම් කරන්න. වැඩිදුර කරුණු දක්වන්න කියලා.

“වාර්තාවේ පිටු 70,000ක් තියෙනවා. තාම කියවගෙන යනවා. අවස්ථාව දෙන්නේ කොහොම ද? ඒ ඇමතිතුමා ගැන විශ්වාසය තියන්න පුළුවන් ද”

ප්‍රශ්නය – ඊයේ පාර්ලිමේන්තුවේ අමාත්‍ය මනුෂ නානායක්කාර කියනවා ඔබවහන්සේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබාදුන්නා කියලා?

“ඊයේ විපක්ෂ නායකතුමා ප්‍රකාශයක් කළා. මම ඔහුට විරුද්ධව ඡන්දය දෙන්න කිව්වා කියලා. මම කොහේවත් එහෙම කිව්වේ නැහැ. අභියෝග කරනවා එහෙම කියපු කතාවක් පෙන්වන්න කියලා. මැතිවරණයට නාමයෝජනා භාර දුන්නාට පස්සේ. අපේක්ෂකයෝ තුන්දෙනාටම අගරදගුරු මැදුරට එන්න දුන්නේ නැහැ. මම ගෝඨාභයට ඡන්දය දෙන්න කිව්වේ නැහැ. සජිත්ට, අනුරට දෙන්න කිව්වෙත් නැහැ. මම ගෝඨාභයට වැඩ කළා කියන මිථ්‍යාව පටන් ගත්තේ, බලගතු කතෝලික ඇමතිවරයෙක්. පස්සේ ඒ දෙන්නා කාට ද පන්දම් ඇල්ලුවේ කාගේ ඇමතිවරු හැටියට ද ඉන්නේ. ඒවා කතා කරන්න ඕනේ නැහැ. ඔවුන් දෙදෙනා මා සමඟ සාකච්ඡාවකට ආවා. මට එදා කියාපුවා අද කියන්නේ නැහැ.”

මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මේ බව පැවසුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...