*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/07

  1. 2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000 ක් රජයේ විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා අතර, ඒ සඳහා අයදුම්පත් සැප්තැම්බර් 14 වන දින සිට භාරගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.
  2. ශ්‍රී ලංකාව යුද අපරාධ, පශ්චාත් යුද සමයේ හටගත් සිදුවීම්, පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදු වූ වධහිංසා පැමිණවීම් සහ මරණ, ජනතාව පාලනය කිරීමේ දී සීමාව ඉක්මවා අනුගමනයකළ ක්‍රියාපිළිවෙත්, දූෂණය සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම ආදිය සම්බන්ධයෙන් අසාමාන්‍ය ලෙස වගවීමේ හිඟබවකින් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්ෂික වර්තාවේ දැක්වෙයි: මෙම ගැටළු ආමන්ත්‍රණය නොකළහොත්, එමඟින් රට තවදුරටත් පස්සට ඇදදමනු ඇති බවට අනතුරු අඟවයි.
  3. වත්මන් මහ බැංකු අධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කීකරු ගෝලයෙකු බැවින් ඇතැම් බටහිර සංවිධාන ඔහු ලොව හොඳම මහ බැංකු අධිපතිවරයා ලෙස හඳුන්වමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ පවසයි: වත්මන් මහ බැංකු අධිපතිවරයා විකල්ප සොයා බැලීමකින් තොරව ජනාධිපතිවරයාගෙන් පමණක් විමසා රට බංකොලොත් යැයි ප්‍රකාශ කළ බවට චෝදනා කරයි: හදිසියේ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම මත ශ්‍රී ලංකාව ඇද වැටුණු උගුලට ම පකිස්ථානය ඇද නොවැටුණු බව ද සිහිපත් කරයි.
  4. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ වහාම ඉවත් කොට ඔහුට සහ එස් චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික ජන බලවේගයේ පා.ම. විජිත හේරත් රජයෙන් ඉල්ලා සිටී: සලේ තවමත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස සිටියදී පරීක්ෂණයක් පැවැත්වීම විකාර සහගත බව පෙන්වා දෙයි.
  5. ප්‍රාථමික බැඳුම්කර ගනුදෙනුකරුවන්ගෙන් බදු අය කිරීමේ යෝජනාවක් 2024 අයවැයට ඇතුළත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: සේවක අර්ථසාධක අරමුදල “ණය ප්‍රශස්ත කිරීමේ ක්‍රියාවලියට” සහභාගී වීමට තෝරා නොගන්නේ නම්, රජය 30%ක බද්දක් අයකර එම අරමුදලේ සාමාජිකයන් අනතුරේ හෙළන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.
  6. 2024 පෙබරවාරි 02 වන දින සිට හොංකොං-සහ-කොළඹ අතර සහ කොළඹ-සහ-හොංකොං අතර ගුවන් ගමන් යළි ආරම්භ කරන බව සම්මානලාභී ගුවන් සේවයක් වන හොංකොං හි පිහිටා ඇති කැතේ පැසිෆික් (Cathay Pacific) නිවේදනය කරයි.
  7. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් පේරාදෙණිය ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරයි.
  8. අරමුදල් නොමැතිකම හේතුවෙන් ඛනිජ සැකසුම් සඳහා අවශ්‍ය තාක්‍ෂණය දියුණු කිරීමට ශ්‍රී ලංකා ඛනිජ කර්මාන්තය ආයෝජකයන් සොයමින් සිටින බව ඛනිජ අපනයනකරුවන්ගේ මණ්ඩලයේ උප සභාපති එෆ්.ඒ.එම්. ෆාරුක් පවසයි: මේ සම්බන්ධයෙන් මූලිකත්වය ගන්නා ලෙස භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් තම මණ්ඩලය ඉල්ලා සිටි බව ද පවසයි.
  9. තමා පක්ෂයෙන් ඉවත් කළ බවට පක්ෂ සභාපතිවරයාගෙන් ලිපියක් ලැබී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පා.ම. දයාසිරි ජයසේකර පවසයි: ජයසේකර ඉවත් කර නොමැති අතර, ඔහුගේ රාජකාරි තාවකාලිකව අත්හිටුවා ඇති බව එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි: ශ්‍රීලනිපයේ සභාපතිත්වය සම්බන්ධයෙන් තමා අධිකරණයේ නඩුවකට මුහුණ දෙමින් සිටින බව ද පවසයි.
  10. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව සිය පළමු ජාත්‍යන්තර 20-20 තරඟාවලියේ ජයග්‍රහණය තහවුරු කර ගනියි: ඒ අනුව 03 වන ජාත්‍යන්තර 20-20 තරඟාවලිය කඩුලු 07කින් ජය ගනිමින් තරඟාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වෙයි: එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 116 (19); ශ්‍රී ලංකාව කඩුලු 03 ට ලකුණු 117 (17).

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan