දකුණූ යුරෝපයට ‘ ඩැනියෙල්” ගෙන් පීඩා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දරුණූ ගංවතුර සහ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණූ යුරෝපයට ගැටලු රාශියක් පැන නැගී ඇත. ග්‍රීසිය, තුර්කිය සහ බල්ගේරියාවේ අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකුවත් මියගොස් ඇති අතර තවත් කිහිප දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගංවතුර හේතුවෙන් ග්‍රීසියේ අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙක් , වයඹදිග තුර්කියේ දෙදෙනෙක් සහ බල්ගේරියාවේ කළු මුහුදේ වෙරළ තීරයේ අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් ඇති බවයි විදෙස් තොරතුරු වාර්තා කරන්නේ.

විශේෂයෙන් ග්‍රීසියට දැඩි වර්ෂාපතනයක් සමග ගංවතුර තත්ත්වයකට මුහුණ පෑමට සිදුව ඇති බවත්, ගිනිකොනදිග යුරෝපයේ ජාතික කාලගුණ විද්‍යා සේවාව විසින් නිල වශයෙන් ‘ ඩැනියෙල්” ලෙස නම් කර ඇති මෙම කුණාටුව, දින කිහිපයක් පවතිනු ඇති බවට විශ්වාස කෙරෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...