*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

නෙට්බෝල් අම්මලා දෙස බලා සිටිමු!

ලංකාවේ සංස්කෘතික බලපෑම නිසාම සෑම විෂයකම පස් පවින් තොර මිනිසුන්ම නියැලිය යුතුය යන අපේක්ෂාව සමාජගත කරන්නට උථ්සාහ දරන පිරිසක් නිර්මාණය වෙමින් ඇත.ඒ නිසා තමන් හොඳට සප්පායම් වී සිටින මොහොතක වුව ෂොට් එකක් තොලගාන අතරේ කවුරුන් හෝ විෂයානුබද්ධව කැපී පෙනෙන චරිතයකට ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික ජීවිතය විඳින්නට ඇති ඉඩ අහුරන භාවිතාවන් මාධය ඇසුරේ මතු කරන අයුරු අපි දැක ඇත්තෙමු.යම් වගකීමකට බලපාන පරිදි එසේ හැසිරීම ගැටළුකාරී වුව ද,විෂයක් සම්බන්ධයෙන් විශාලම ප්‍රශ්නය එය කර නොගෙන එම විෂයේ ප්‍රවීනත්වය සහ පොහොසත්කමට බලපාන ප්‍රශ්න ප්‍රමුඛතා ලෙස හඳුනා නොගන්නේ සමාජය විසින් ගොඩ නඟා ඇති අවකාශයේ විකුණන්නට පහසු දේ විකිණීම හැර,වෙනස් විය යුතු මානයන් වෙත සමාජය කැඳවාගෙන යාමේ භාවිතාවන් සම්බන්ධ දුෂ්කර ගමණේ යෙදෙන්නට බොහෝ දෙනෙක් අකමැති බැවින්ය.

දකුණු කොරියාවේ පැවති යොවුන් නෙටිබෝල් කණ්ඩායම සහභාගි වූ සංචාරයේදී පළමු වෙඩිමුරය පත්තු වූයේ ඒ සංචාරයේදී උපකාර කරන්නට ඉදිරිපත් වූ පිරිසගේ දේශපාලනය පාදක කරගෙනය.රාජ්‍ය ආණ්ඩු විරෝධි දේශපාලනයක නිරත වන්නන්ට, මේ රටේ පුරවැසියන් හැටියට රටේ ජතික වගකීමකට දායක වන්නට නොහැකිද යන ප්‍රශ්නය මතු වෙන එම ක්‍රියාවලිය පිටුපස සිටින්නේ රජයනම්,රජයේ ප්‍රජාන්ත්‍රවාදය ප්‍රශ්නාර්ථයක් වන්නට එයම ප්‍රමාණවත්ය.

එම ගැටළුව වටෙන් ගොස් කණ ඇල්ලීමක් වූ අතර දෙවන ගැටළුව මතු වූයේ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් මත්බීම පානය කළ බවට එල්ල වූ චෝදනාවත් සමඟය.එහි යම් සාධාරණ තත්ත්වයක් මතු කර පෙන්විය හැකි කරුණක් හැටියට දකින්නට තිබුණේ තරගයකට පෙර දිනයක එය සිඳු වූ බවට එල්ල වූ චෝදනාවේය.එසේනම් තරගය අමතක කර දමා විනෝද වීමට අපද පක්ෂපාත නැත.නමුත් වගකීමෙන් අප පවසන්නේ තමන් රට නියෝජනය කරන වගකීම අමතක කර හැසිරමකදී ඇරෙන්න අපට කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතය ගත කරන අයුරු යතුරු හිලෙන් බැලීමට හෝ යමෙක් යමක් පානය කරන විට එහි ඇති දේ දිව ගා බැලීමේ නොසන්සුන් ආශාවක් නොමැති බවය.

මේ නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට එල්ල වූ චෝදනාවේ ඊළඟ පියවර හැටියට අපේ සංස්කෘතිකව නො’දැමුණු සත්වයා ඉස්මතු වන්නට විය.බෞද්ධ රටේ කෙල්ලො මත්පැන් බීම කියන මාතෘකාවට හැදෙන වෙළද පොළ වටිනාකම සමඟ මිනිසුන්ගේ බෞද්ධකම් උතුරා යන්නට විය.නමුත් අපට අහිමි වන්නේ එම තරගය පමණක් නොවේය.සූරතාවය සහ අනු සූරතාවය අහිමිවීමෙන් නොනැවතී අපට තරගාවලියේ සමස්ත ශ්‍රේණිගත් කිරීමෙන් පහත වැටීමට හේතුව එම තරගයට පෙර රාත්‍රියේ මත්පැන් පානය කළානම් එයද?
අප විමසා බැලීම අමතක කරන්නේ කුමක්ද?සමස්ත තරගාවලියේ පරාජයට බල පෑ තාක්ෂණික කරුණුය.කණ්ඩායම තේරීමේ ගැටළු නිසා සහ ඒ ඇසුරෙන් එල්ල වූ චෝදනා නිසා පුහුණුවීම් නිවැරදිව කළේද යන්න පිළිබඳ විමසා බැලීම අපට අමතක වන්නේය.තරගයෙන් තරගයට ක්‍රීඩිකාවන් යෙදවීමේදී සිඳු වූයේ කුමක්ද සහ ඒවා නිවැරදි නොවිණි ද යන්න විමසා බැලීම අප අත හරින්නේය.සුළු සමාජයේ ස්වභාවයට අනුව සංවේදි කොටසක් විකුණා දැමීම කරනු හැරෙන්නට විශාල වැරදීමේ කුලකය අප අමතක කර දමන්නෙමු.

ඉනික්බිති සමාජය හරහා නෙට්බෝල් පරිපාලනයට එල්ල කරන්නට ගත් පීඩනය ඉදිරියේ නෙට්බෝල් විධායක සභාව චෝදනාවලින් ගැලවෙන්නට අදාළ චෝදනාලාභීන් දඬුවමට යටත් කරන්නේය.එයට එල්ල වූ චෝදනා හැරෙන්නට පිළිගත හැකි සාක්ෂි නොතිබිණිනම් (ප්‍රකාශ හැරෙන්නට) තවමත් තරුණ ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩාව පමණක් නොව පෞද්ගලික ජීවිතයට ද එය බාධාවක්ය.එසේම ඔවුන් ඒ මොහොතට අදාළව නැතුව පෞද්ගලික ජීවිතයේ හැසිරෙන හෝ කණ බොන ආකාරය ප්‍රශ්න කරන්නට ඇති අයිතිය ද ප්‍රශ්නකාරීය.
කෙසේ හෝ මේ තත්ත්වය යටතේ අභියාචනයක් ඉදිරිපත් කරමින් එම දඬුවමට එරෙහිව පෙනී සිටි ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීම මේ වන විට අමාත්‍යවරයා පත් කරන ලද අභියාචනා මණ්ඩලයේ පරීක්ෂණවලදී පිළිගෙන ඇත.එසේ අභියාචනය පිළිගැනීම සම්බන්ධයෙන් ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නෙට්බෝල් සංගමයේ ලේකම්ට ලිපියක් යොමු කරමින් පවසන්නේ අභියාචනය සඳහා ක්‍රීඩිකාව ගෙවූ රුපියල් 25000 ක මුදල ද ක්‍රීඩිකාවට ගෙවන ලෙසය.එසේම අදාළ තහනම සම්බන්ධයෙන් නිකුත් කරන්නට යෙදුණ ලිපියද නෙට්බෝල සංගමය ඉල්ලා අස් කර ගත යුතුය.

මීට පෙර අප විසින් ලියු සටහනකට නෙටිබෝල් විධායක සභාව සම්බනධයෙන් ඇති ශුද්ධ වූ භාවය කියා පළ කරන ලද ලිපියක් ගැන ද අපි සටහනක් තැබුවෙමු.මේ විධායක සභාවේ සිටින්නේ පාර්ශව කිහිපයකි.ඒ ඇතැමුන් නිලවරණ කාල සමයන් හී හැසිරෙන්නේ නයි මුගටි සේ වුව ත්,යම් කිසි බලයක් සහිතව සමූහයක් හැටියට හැසිරෙද්දී පැවත්ම සහ ආධිපත්‍යය තහවුරු කර ගැනීම වෙනුවෙන් කබරගොයා තලගොයා කරගන්නට ද පැකිලෙන්නේ නැත.
දැන් මේ විධායක සභාව එක්ව එක මිටට සිටිමින් ගනු ලබන තීරණ නිසා සමහර විට මේ නෝනාවරුන්ගේ සමයට වඩා වත්මන් නෝනාගේ සමයේ නෙට්බෝල් විනාශයට ගොස් හෝ එහි බලය වියැකී හෝ නැතිනම් වුසරුවන තත්ත්වයකට පැමිණ අලුත් නිලවරණ සමයන්ද පැමිණිය හැකිය.එවැනි වටපිටාවක දි මේ එකිනෙකාට තුරුළුව තමන් සියල්ලන් ශුද්ධ බව කියන නෝනා මහත්තුරු අනෙක් අයගේ කිළිටි පෙන්වන හැටි බලා ගන්නට හොඳින් හැකියාව ඇත.

එතෙක් අප බලා සිටින්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද අභියාචනා පසඳලන කමිටුවක තීරණ මත අමාත්‍යවරයා ගෙන ඇති තීරණය දින 7 දී නිවැරදි කරන්නට ඉදිරිපත් නොවුණහොත් ශ්‍රී ලංකා නෙට්බෝල් විධායක සභාවට විය හැක්කේ කුමක්ද යන්නය.අමාත්‍යවරයාට එවැනි අවස්ථාවක ක්‍රීඩා පණතෙන් ඇති බලතල ප්‍රකාරව හිතුමතේ නෙට්බෝල් සංගමය විසුරුවා හරින්ට නොහැකිය.නමුත් ඊට පෙර සළකා බලන්නට අවශ්‍යය පරීක්ෂණය මේ වන විට අභියාචනාව පරීක්ෂා කර ලද අභියාචනා කමිටුව තීරණය කර ඇත.එම තීරණය මත අමාත්‍යවරයා විසින් සිඳු කළ යුතු දේ සම්බන්ධයෙන් ද නෙටිබෝල් සංගමය දැනුවත් කර ඇත.පරීක්ෂණයකින් ලැබුණු නිරීක්ෂණ මත කළ නිගමනයක් අනුව අමාත්‍යවරයා නෙටිබෝල් සංගමයට දැණුම් දීමක් කර ඇත.එය නොපිළිපැද්දොත් ගත යුතු තීරණය ගැනීමට අමාත්‍යවරයා මෙහිදී ක්‍රීඩා පණත අනුව මාර්ගයක් සකස් කරගෙන තිබෙන බව ද පැහැදීළිය.

ඉතිං ශුද්ධ වූ නෙට්බෝල් සංගමය ලක්ෂ්මි වික්ටෝරියාගේ නායකත්වය බාධාවකින් තොරව අභියෝගයකට ලක් කර අවුල් කිරීමට හැකි තැනක ඉඳගෙන අමාත්‍යවරයාගේ තීරණය නොපිළිගෙන අමාත්‍යවරයා සංගමය විසුරුවා හැරියොත් අධිකරණයට යමු යැයි යෝජනා කරන්නට ඉඩ ඇත.එයම නිලවරණයකදී පවතින සභාපතිගේ නායකත්වයෙන් යුත් පරිපාලනයේ දුර්වල තීරණ ලෙස ප්‍රසිද්ධ කර ලක්ෂ්මිගේ පාර්ශවය නෙට්බෝල්වලින් හකුලා දමන්නට ද කටයුතු සිදු කිරීමට ඉඩ ඇත.

අපි බලා සිටිමු.කපා දමන හැටි මෙන්ම කපන්න බැරි අත සිඹින වැඩද මේ ශුද්ධ වූ නෝනලාගේ ඉතිහාසය විසින් අපට හොඳින් දර්ශනය කර තිබෙන බව පමණක් අපි මතක් කර සිටිමු.කුමන හේතුවක් මතවත් අනාගතයක් ඇති ක්‍රීඩිකාවකගේ අභියාචනය ඇයගේ නිර්දෝෂබව ඔප්පු වන එකක්නම් සහ එම තීරණය සාධාරණනම් ඇයගේ ජීවිතය සමඟ සෙල්ලම් කරන්නට දරුවන් සිටින මව්වරු හැටියට විධායක සභාවේ නෝනලා කටයුතු නොකළ යුතුය.එසේනම් එම අම්මලා සෙල්ලම් කරන්නේ දරුවන්ගේ ජීවිත සමඟය.වැදු පමණට වඩා හැදූ මව්වරු සහ මවකට තිබිය යුතු මුදු ගුණය ඇති අය අම්මලා බව අපි දනිමු සහ විශ්වාස කරන්නෙමු.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan