සුදේශ් සමුගනියි

Date:

(ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ඉසව්ව ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය මට්ටමෙන් සහ දකුණු ආසියාතික මට්ටමෙන් ශ්‍රි ලංකාවට ජයග්‍රහණ අත් කර දුන්,බර ඉසිලීමේ ඉසව්වෙන් ඔලිම්පික් උළෙල පවා නියෝජනය කරන්නට වරම් ලද සුදේශ් පීරිස් සිය සමුගැනීම සරලව සහ චාම්ව ජාතික ඔලිම්පික් කමිටුවේ හෙිමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරයේදී සිඳු කළා.බර ඉදිලීමේ පරිපාලනයේ නියෝජනයක් නැතුව සිඳු වූ එම සමුගැනීම සම්බන්ධයෙන් සුදේශ් පීරීස් ගේ ක්‍රීඩාවෙන් ඉනික්බිති උදිවෙන විශ්‍රාම ජිවිතයට යහපතම උදාවේවා යැයි LNW ප්‍රාර්ථනා කරන අතර සුදේශිගේ අදහස්වලට මිට වඩා පළල් ඉඩක් ලබා දීමේ අවමනාව පෙරදැරිව අවසනට අපි ඔහු ගැන පහත කවි දෙපදය පමණක් අලවා තිබන්නට තීරණය කළෙමු.)

රටකට ගෙනා බර දිනමින් රන් පාට
හිස් වූ සබය කීවේ ගුණමකු පාට
සමුගත් නමුත් හිත තුළ ඇලවෙන පාට
මතකෙට නඟයි කළ දේ උඹ ජය පාට

එසැ වූ බරට නැහැ රන් මසුරන් පිරුණු
යන දා සිටියෙ නැහැ කවුරුත් ළඟ ඇලුණු
එනමුත් ‘සුදා’ ඉතිහාසෙකි උඹ පිරුණු
ගරුවට තිබෙයි සැමදා අපෙ හිස නැමුණු

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...