ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසුණු අයිතීන් උදෙසා කාන්තාවෝ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජන ජීවිත බිල්ලට දෙන, සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසෙමු! යනුවෙන් අද (07) දින පස්වරුවේ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය කොළඹ රෝහල් චතුරශ්‍රය අසළදී විරෝධතාවයක් පවත්වනු ලැබීය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා පෝල්රාජ් මහත්මිය අවධාරණය කර සිටියේ,  විශේෂයෙන්ම මේ වනවිට රෝහල් තුළ අත්‍යවශ්‍ය බෙහෙත් නොමැති බවත්  ප්‍රධාන රෝහල් තුළ පවතින සීටී ස්කෑන් යන්ත්‍ර, එම්.ආර්.අයි යන්ත්‍ර විශාල ප්‍රමාණයක් අක්‍රීය වී ඇති බවයි.

එසේම දැඩිසත්කාර ඒකක වල  ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සෞඛ්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින අතර සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ බලධාරීන්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් මේ වනවිට රෝගීන් විශාල ප්‍රමාණයකගේ ජීවිත අවධානමකට ලක්ව ඇති බවත් ඇය වැඩිදුරටත් පවසයි.

මෙහිදී අදහස් දැක්වූ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය පැවසූවේ , මේ වනවිට පාර්ලිමේන්තුව හමුවේ සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වී ඇති නමුත් සෞඛ්‍ය ඇමතිවරයා පමණක් නොව ජන ජීවත බිල්ලට දෙමින් කටයුතු කරන ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිවම විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර එළවා දැමිය යුතු බවයි .


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ට දඬුවම් කිරීම ජනතාවගේ අපේක්ෂාවයි. අපේ සීමාව තුළ අපට කළ හැකි දේ අපි කරමින් ඉන්නවා – මන්ත්‍රී මනුවර්ණ

බංකොලොත් රටේ මහජනතාවගේ ධනය කාබාසිනියා කළ හිටපු පාලකයාට දඬුවම්...

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...