කෝටි 1780ක ඉඩම් වංචාවක් ගැන හිටපු ඇමති හරීන්ට වසන්තගෙන් චෝදනාවක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හරීන් ප්‍රනාන්දු මහතා ඉඩම් අමාත්‍යවරයාව සිටියදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ පවුලට අයත් මීමුරේ පිහිටි ඉඩම් අක්කර 50ක් වෙනුවට මාළඹේ, හන්තාන සහ කටාන යන ප්‍රදේශවලින් ඉතා වටිනා ඉඩම් අක්කර 31ක් ලබාදීමට කටයුතු කිරීමෙන් දැවැන්ත වංචාවක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා චෝදනා කරයි.

“හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් අපි දැවැන්ත චෝදනාවක් එල්ල කළා. මීමුරේ ශාන්ත මාටින් කියන වතුයායේ අක්කර 50ක් නැවත ලබාදීම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC) විසින් කටයුතු කරන්නට යෙදිලා තිබෙනවා. LRC සභාපතිවරයා, ඒ කමිටුවේ ඉන්න හයදෙනා ඔබ විසින් නීත්‍යානුකූලව මේ අක්කර 50 මීමුරේ අක්කර 50ක් වෙනුවට ලංකාවේ අතිශයින් වටිනාකමින් යුත් ඉඩම් අක්කර 31ක් මේ වෙනකොට වෙන්කර දීමට කටයුතු කර තිබෙනවා. එක පැත්තකින් චන්ද්‍රිකා කුමාරතුංග මාවත, මාළඹේ අක්කර 14ක් – අර කුළුණු මතින් යන දුම්රිය ආරම්භ කරන ස්ථානයට ඉදිරිපස තියෙන අක්කර 14ක ඉඩමක්, ඒ වගේම හන්තානේ රිච්මන්ඩ් කියන වතු යායත්, ඒ වගේම කටානේ වතු යායකුත් ලබාදීමට කටයුතු කරලා තිබෙනවා. කොළඹින් අක්කර 14 යි, කටානෙන් අක්කර 7 යි, හන්තානෙන් අක්කර 10 යි. රුපියල් කෝටි 1780ක් වටිනාකම සහිත අක්කර 31ක් මේ වෙනකොට ලංකාවේ සුප්‍රසිද්ධ යකඩ, වානේ අලෙවි කරන සමාගමක අයිතිකරුවාගේ මාමණ්ඩියගේ නමට ලබාදීලා තිබෙනවා. ඒ නිසා LRCය කල්පනා කරනවා නම් මේ ගනුදෙනුව කරන්නෙ නීත්‍යානුකූලව කියලා පරීක්ෂණයකට ඔබට කිසිදු ආකාරයකින් බියවීමට හේතුවක් නෑ. අපි පරීක්ෂණයේදී පෙන්වන්නම් මීමුරේ අක්කර 50 ට මාරු කරන කොළඹ, මාළඹේ අක්කර 14ක් – මෙහි වටිනාකම පර්චස් එකක් ලක්ෂ 60 යි. ලක්ෂ 60ක වටිනාකමක් තියෙන මේ ඉඩම තක්සේරු දෙපාර්තමේන්තුවේදී කොහොමද තක්සේරු කරලා තියෙන්නෙ කියලා අපි දැනගන්නට ඕනෑ. රුපියල් 5000 කවත් වටිනාකමක් නොමැති මීමුරේ ඉඩමක් වෙනුවට චන්ද්‍රිකා කුමාරතුංග මාවතෙන් ලබාදෙන පර්චස් එකක් ලක්ෂ 60 යි නම් තක්සේරු දෙපාර්තමේන්තුව තක්සේරු කරලා තියෙන්නෙ පවතින වෙළඳපොල වටිනාකමටද කියන එක අපට හොයාගන්න පුළුවන්. මේ රටේ ජනතාවට තුන්වේල බතක් සම්බෝලයක් හදාගෙන ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන වෙලාවකදි රුපියල් කෝටි 1780ක සල්ලි පිල්ලි පන්නපු මේ වගේ අමාත්‍යාංශ පිළිබඳව අපට සිද්ධ වෙනවා කරුණු හෙළිදරව් කරන්න”

වසන්ත යාපා බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...