මැ.කො. ගෙන් තවත් නීතියක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ගෙයින් ගෙට මැතිවරණ අත්පත්‍රිකා බෙදා හැරීමට යෑමට හැක්කේ උපරිම වශයෙන් පස් දෙනෙකුට  පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.

එය අඹිබවා පිරිස් ගමන් කරන්නේ නම් ඒ අය සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස්දී  ඇතැයිද ඔහු සඳහන් කළ අතර, ඇතැම් දේශපාලන පක්ෂවල පස්දෙනෙකුට වැඩි පිරිසක් පෙළපාළි වශයෙන් අත්පත්‍රිකා බෙදා හැරීමට ගෙයින් ගෙට  යන බවට තොරතුරු ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එලෙස කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පවසන කොමිසම  විවිධ ආරවුල් ඇතිවීමටද එය ප්‍රධාන හේතුවක් බව සඳහන් කර සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...