බෙල්ලේ ඩක්වර්ත් ලුවිස් සමඟ එක්ව ලංකාව අල්ලේ නැට වූ තරගයක්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ කොදෙව් දූපත් 19 න් පහළ කණ්ඩායම් අතර පැවති සිව්වැනි එක්දින තරගය කඩුලු දෙකකින් ජය ගන්නට කොදෙව් ක්‍රීඩකයින් සමත් වෙනවා.ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ මෙන්ම කොදෙව් 19 න පහළ ක්‍රීඩක සකුවාන් බෙල්ලේ පිත්තෙන් සහ පන්දුවෙන් පෑ දස්කම් ද ශ්‍රී ලංකාවට මේ තරගය පරාජිතව අවසන් කරන්නට ප්‍රධාන වශයෙන්ම හේතු වුණා.25 වන ඕවරයේ දී ලකුණු සියයකට කඩුලු 6 ක් දැවී ගිය මොහොතේ පිටියට පැමිණි බෙල්ලේ ශ්‍රී ලංකාවෙන් තරගය සම්පූර්ණායන්ම උඳුරා ගත් ක්‍රීඩකයා වෙනවා.


පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම 24 වන ඕවරය නිමා වෙද්දී කඩුලු 3 ට ලකුණු 110 ක් ලබා සිටියදී වර්ෂාව නිසා තරගය නවතා දමනවා.නැවත තරගය ආරම්භවීමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට මේ තරගය ඩක්වර්ත් ලුවිස් විසින් පරාජය කරන තරගයක් නොවන්නට කටයුතු කිරීම සඳහා වේගයෙන් ලකුණු ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරනවා.එහි ප්‍රතිපලයක් ලෙස 40 වන පන්දු ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 182 ට සියල්ල දැවී යනවා.


නියමිත පන්දු ඕවර් ප්‍රමාණයට මුහුන දීමට අපොහොසත්ව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 182 ට දැවී යාම නිසා කොදෙව් තරුණයන්ගේ ඉලක්කය පන්දු ඕවර් 35 දී නම් ලකුණු 167 ක් වෙනවා.ඔවුන් 35 වන ඕවරයේ පන්දු දෙකක් ඉතිරිව තිබියදී එම ඉලක්කයට පිවිස තරගය කඩුලු දෙකකින් ජය ගන්නවා.දැවී ගිය කඩුලු 8 න් 2 ක් කුගදාස් මුතුලන් ලකුණු 45 ක් දී ලබා ගන්නට සමත් වෙනවා.සෙත්මික සෙනවිරත්න ලකුණු 22 ට කඩුලු 2 ක් දවා ගන්නවා.


ශ්‍රී ලංකා නායකයා විරාන් චමුදිත සහ කුගදාස් ව කළමණාකරණයක් සහිතව පාලනය කර කවීජ ගමගේ වැනි පන්දු යවන්නෙක් හරහා ලකුණු ලබා ගැනීම අඩාල කරන්නට උත්සාහ කළානම් සමහර විට මේ ප්‍රතිපලය වෙනස් වන්නටත් තිබුණා.
ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමේදී ආරම්භක කඩුල්ලට ලකුණු 48 ක සබඳතාවයක් ඇති වුණා.එහෙත් ඉන් අනතුරුව ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කරමින් ඩක්වර්ත් ලුවිස් බලපෑම ඉදිරියේ වැඩි ලකුණු ලැබීමට ගත් උත්සාහයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වුණා.ශ්‍රී ලංකා ඉණිමේ පිතිකරුවෙකු ලද වැඩිම ලකුණු ප්‍රමාණය වූ ලකුණු 34 දිමන්ත මහවිතාන විසින් රැස් කරන්නට යෙදුණා.


සටහන මුලම සටහන් කළ සකුවාන් බෙල්ලේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිසරදයක් වෙමින් ලකුණු 35 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වූ අතර ඔහු පිත්තෙන්ද ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති කරමින් පන්දු 31 දී ප්‍රවේගකාරී ලකුණු 41 ක් රැස් කළේ හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමඟයි. කොදෙව් නායක ඩොසුවා ඩොර්නේ ද අගනා ඉණිමක් ක්‍රියාත්මක කරමින් ලකුණු 50 ක් රැස් කළ ද අවුරුදු 19 න් පහළ කොදෙය් ජයග්‍රහණයේ ප්‍රබලම සාධකය වූයේ බෙල්ලේ යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” කැමරාවේ සප්ත පාලනයන් සහ රැස්කළ ඡායාරූප බිඳක්” දොරට වැඩුම සැප්තැම්බර් මස 13 වනදා..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 කොළඹ LNW : පොතක වරුණ... කෘතිම බුද්ධිය...

ලාන්සාට ඇප!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාරගත කර සිටි...

2029 නියත ජනපති මෙන්න!

කොළඹ LNW:2029 දී නියත ජනපති නාමල් රාජපක්ෂ බව ශ්‍රී...