ඉල්ලීම් 24 ක් මුල් කර ගනිමින් ලංවිම වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 කොළඹ LNW :

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් 24 ක් මුල් කර ගනිමින් , ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කර තිබේ.

මෙතෙක් රජයේ පාර්ශ්වයෙන් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් පස්වරු 430 න් පසු අතිකාල සේවාවලින්ද ඉවත්වීමටද තීරණය කළ බව, නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් මහතා පැවසුවේය.

ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 4 වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.ඔවුන් පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹුණේ ය.

ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය, පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමය, ඉංජිනේරු සංගමය ඇතුලු වෘත්තිය සමිති කිහිපයක් ඊට එක්ව සිටින අතර, පසුගිය අගෝස්තු මස 27 වැනිදා සිට ක්‍රියාත්මක විදුලිබල පනත අනුව විදුලි බල මණ්ඩලය සමාගම් 4 කට ප්‍රතිව්‍යූහගත කරනු ලැබුවේ ය.

එහි සේවකයින් අදාළ සමාගම් 04 ට අනුයුක්ත කිරීමට නියමිත අතර, තම කැමැත්ත අනුව එම සමාගම් වලට අනුයුක්ත වීම සඳහා වන ලිපි, පසුගියදා සේවකයින්ට නිකුත් කෙරිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදර්ශන සාහිත්‍යයේ කාන්තා ඇගයීම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා...

” කැමරාවේ සප්ත පාලනයන් සහ රැස්කළ ඡායාරූප බිඳක්” දොරට වැඩුම සැප්තැම්බර් මස 13 වනදා..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 කොළඹ LNW : පොතක වරුණ... කෘතිම බුද්ධිය...

ලාන්සාට ඇප!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාරගත කර සිටි...