කොළඹ LNW: සමඟි ජන බලවේගය සහ විපක්ෂයේ සෙසු කණ්ඩායම් සමඟ අඛණ්ඩව කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ඒ අනුව ඊට අවශ්‍ය කමිටුවක් හෝ යාන්ත්‍රණයක් සකස් කිරීමටද එකඟතාවකට පැමිණ ඇති අතර එමඟින් විපක්ෂයේ සියලුම පාර්ශව වෙත බාධාවකින් තොරව ක්‍රියා කළ හැකි බවට එජාපයේ තීරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය සමඟ විපක්ෂයේ කණ්ඩායම්වල එකතුවක් සිදුවූ අතර එය අඛන්ඩව පවත්වා ගෙන යාමටයි ඔවුන් තීරණය කර තිබුණේ.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසා සිටියේ සන්ධානගතවීමට නොයන නමුත් ආණ්ඩුවට ගෙන යන මර්දනයේදී එක්ව කටයුතු කරන බවයි.
කෙසේවෙතත් එජාපය හා සමඟිය ඒකාබද්ධ වීම සඳහා ගෙන ගිය වැඩපිළිවෙල අතරමඟ ඇනහිටියද රනිල් වික්‍රමසිංහ මහතා පාදක සිදුවීමත් සමඟ නැවත දෙපාර්ශවයේ සාකච්ජා අලුත් කිරීමටද අවධානය යොමුව ඇත.
මේ අතර පසුගිය (06) දා පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරයටද විපක්ෂයේ කණ්ඩායම් වෙත ඇරයුම් කිරීමටද තීරණයක් ගෙන තිබුණ නමුත් එම සංවත්සරය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබුණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවට එජාප කළමනාකරණ කමිටුව දැනුම් දී තිබුණ අතර එම සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නා බවටද එජාපය ප්‍රකාශය කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ
