නිශ්මං රණසිංහ සැප්තැම්බර් 08, කොළඹ LNW:
විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා වන නිර්මාණ සලකා බලා සම්මාන දීමත් නිමා වුණා.ඉහළ ප්‍රමිතියකට මේ දේ සිද්ධවෙනවා කියන විශ්වාසය පැන නඟින්නේ වැඩ කරන සැළසුම් සහගත ස්වභාවය නිසයි.ඒ සැළසුම් සහගත බව පාදක කරගෙන මෙවර ත්‍යාග ප්‍රදර්ශන උත්සවය ආරම්භ කරමින් පළමු මොහොතේම 2026 සඳහා විදර්ශන සාහිත්‍ය ත්‍යාගය අරඹන තැන සිට එය එම වසරේ අගොස්තු 30 වන දා ත්‍යාග ප්‍රදානය සිඳු කරන බවත් ප්‍රකාශ වෙනවා.මේක අසීරු වැඩක්.අප සංවිධානය කරන කලා සහ සාහිත්‍ය සම්බන්ධ උත්සවයන් හී මෙවැනි සැළසුම් දකින්නට නැහැ.දින වකවානු සියල්ල මේ ආකාරයටම ප්‍රකාශ කළත් සමහර විට අන්තිම මොහොතේ සපුරා ගත යුතු අඩුවක් නිසා නියමිත වෙලාව පමා වෙනවා.හෝ කුමන හෝ කොටසක් අත හැර යන්නට සිඳු වෙනවා.එසේ බලන විට මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය ආදර්ශවත් ක්‍රියාවලියක් බව කිව යුතුමයි.
මෙවර ත්‍යාග උත්සවයේදී කාව්‍ය අංශයේ ප්‍රධාන ඇගයීම සඳහා සුදුසු කෘතියක් නොතේරීම ගැන සමාජ සංවාදය ඇතුළෙ මා ද කම්පාවට පත්වන්නේ රසේ නොවුණේ ඇයි කියන කාරණය මතයි.ජනක ඉණිමංකඩ මෙම කාර්යය මෙහෙය වූවාද නැද්ද යන්න පසෙක තබා කල්පනා කරන විට මේ විෂයට අදාළ ඇගයිම් මණ්ඩලයේ සිටි ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන වගේම මහාචාර්ය සරත් විජේසූරියත් අප දකින්නේ මේ විදර්ශන සාහිත්‍ය උළෙලේ කවි තේරීමේ විනිශ්චය මණ්ඩලයේම පමණක් නොවේ.

මේ ලියුම්කරු වඩාත්ම මේ දෙදෙනා සමඟ ගැටී ඇත්තේ නාට්‍ය කේෂ්ත්‍රයේ ඇගයීම් සම්බන්ධයෙනුයි.එයට ද යම් කේෂ්ත්‍රයන් හී හොඳම කෙෙනකු නම් කිරීම අත හැර දැමීම හේතු වී තිබෙනවා මෙහිදී අප නොදුටු අත්පිටපතක් වුව නාට්‍ය කේෂ්ත්‍රයේ සටන සිඳුවන්නේ දැක විඳ අසා හොඳ යැයි දැනෙන දෙයකට වීම නිසා එය සටන්කරුවාගේ පැත්තෙන් මීටත් වඩා සාධාරණ විය හැකියි.එහෙත් මේ දෙදෙනාම විශ්වාස කරන කුමන හෝ ප්‍රමිතියක් පදනම් කරගෙන ඒ ආකාරයටම යම් යම් දේවල් ඇගයීම ඉහළ මට්ටමෙන් සිඳු කිරීම මඟ හැර සිටිනවා.එහෙත් නන්දන වීරසිංහ වැනි ජ්‍යේෂඨ කිවියෙක් එය තාර්කිකව පිළිගත නොහැකිනම් එකඟ නොවිය හැකියි.එයත් මෙහිදී කිව යුතුව තිබෙනවා.ලංකාවේ සෑම සම්මාන උළෙලකම මෙන් විනිශ්චය තීරණය කරන කාරණා මත හොඳම යැයි ඇගයීමක් නොඳුන් අවස්ථා දැක තිබෙනවා.ඒ සෑම අවස්ථාවකදීම මෙන්ම මේ අවස්ථාවේදීත් මට හිතෙන්නේ සාපෙක්ෂව ඇගයීමට ලක් කිරීම සිඳු විය යුතු බවයි.එහෙත් මහා විශාල විදර්ශන සැළසුමක පලයක් ලෙස නොවී සෑම සම්මාන උළෙලකම සම්මාන නොදීම සිඳු වීම මත පිහිටා බැලූ විට මෙය විය හැකි දෙයක්.

මේ ඇගයීම් උළෙලේ අවසාන නිර්මාණ සළකා බලන විට එහි ඇති කාන්තා නියෝජනය සුවිශාලයි.දෙනු ලැබූ ජය මුහුර්තිතා හතරම ලබා ගත්තේද කාන්තාවන් වීමත් විශේෂයි.
නවකතා – නිශාමනී දිනුෂිකා අදාසූරිය – ලිහිල් බොත්තම්
කෙටි කතා – සුරේඛා සමරසේන – ඊස්ට්‍රජන්
පරිවර්ථන ( ඉංග්‍රිසියෙන් සිංහලට) ජීවා වර්ණකුලසූරිය ඩේවිඩ් – අක් මුල් සිදී ගිය පසු (මුල් කාතිය Jumpa Lahiri – Namesake )
පරිවර්ථන (සිංහලෙන් ඉංග්‍රිසියට ) දිනුකා විජේතුංග When in the end silence itself begins to speak ( සිංහල කෘතිය – ප්‍රභාත් ජයසිංහගේ අන්තිමට නිහඬ බවම කතා කරන්න ගත්තම)
මෙහෙම ගෑණු පිරිමි ඉරි ගහපු සාහිත්‍යයක් අනවශ්‍ය කාරණයක්.එහෙම ලිංගිකත්වය පදනම් කරගෙන සාහිත්‍යය තුළ නිරත වෙන්න පුළුවන්.ඒත් ඒ කාරණය සම්බන්ධයෙන් භාවිතා කරන සාහිත්‍යමය නිමැවුම මත මිස එහි ඇගයීම සාහිත්‍ය වන්නේ නැහැ.එහෙත් දැනට පවතින තත්ත්වය තුළ ලංකේය සාහිත්‍යය තුළ කාන්තාවන්ගේ නියෝජනය අඬුයි.එසේම ඔවන්ට ලැබෙන ඇගයීමත් භාවිතාවේදි අඩු පිරිසක් වීම නිසා සැළකිල්ලට භාජනය වී නැහැ.සමහර විට කුමක් නිසා හෝ නිර්මාණ සාහිත්‍යයට පිවිසෙන්නට පෙළඹවීම අඩු නිසා හොද නිර්මාණ සිඳු නොවීම ද විය හැකියි.
එවැනි කාරණාවක් ගැන කතා කරන්නට ඡේදයක් ලිපියක් ප්‍රමාණවත් නැහැ.සමහර විට මෙවැනි අධ්‍යයනයක සිටින අයෙකුට එය තව දුරටත් සැළකිල්ලට යොමු කරන්නට කාරණයක් විය හැකියි.සාමාන්‍ය ආකාරයට බලන විට කාන්තා සාහිත්‍ය කෘති වැඩි ප්‍රමාණයක් දකින්නට තිබීම විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා සළකා බැලීමේදී දකින්නට ලැබුණු දෙයක්.මේ වන විට විවාදිත කාව්‍ය ඇගයීමේ දී ද අවසාන කෘතීන් තුන අතරේද පබාෂිණි හේරත් විසින් රචිත වෙරි නොවුණු පිච්ච මල දකින්නට ලැබුණා.

නවකතා අංශයේදී නිරංලා සරෝජනී ඉදිරිපත් කර තිබුණු බෝ…ගම්වර කෘතියද අවසාන කෘතීන් තුන අතරට පැමිණ තිබුණා.කෙටි කතා ඇගයීමේදී අවසාන කෘති තුනම කාන්තාවන් විසින් රචිත ඒවා වීම කැපී පෙණුනා.කුමුදු කුමාරසිංහ ගේ කුමාරි එන්න එන්නම ලොකු වුණා – සුනිල් එන්න එන්නම පොඩි වුණා කෘතියත් පද්මිණි ශ්‍රියාලතාගේ ගහල කිරිල්ලී කෙටි කතා සංග්‍රහයත් අවසාන කෘතින් තුන අතරට නිර්දේශව තිබුණා.
ඉංග්‍රිසියෙන් සිංහල පරිවර්ථනය වී තිබුණු කෘති අත අතර අවසාන නිර්දේශ තුනේ ජයග්‍රාහි අක් මුල් සිදී ගිය පසු කෘතියට අමතරව නිරූපා රොද්‍රිගෝ විසින් පරිවර්ථනය කරල වැසි මැද සැරි සරන්නා ද වූවා .එය Native American Poetry ඇසුරෙන් සිංහලට පරිවර්ථනය කර තිබුණා.

එසේම දිනුකා විජේතුංග ඇගයීම් ලද සිංහලට ඉංග්‍රිසියෙන් පරිවර්ථනය කරන ලද කෘතියට අමතරව තවත් කාන්තා නියෝජන දෙකක් දකින්නට ලැබුණා.එයින් ලහිරු කිතලගම විසින් රචිත තාම ඒ කුරුළු හඬ එතැන කාව්‍ය කෘතිය Those Tweets Remain There, Thus නමින් සිංහල පරිවර්ථනය කර තිබුණේ කවෝදි කුළුණුමිණි යි.හසිත අබේවර්ධන ඩිලිනි ඊරියවැල්ල සමඟ එක්ව නිරංග ගුණසේකරගේ එකතු කළ කවි ඉංග්‍රිසියට පරිවර්ථනය කර තිබුණේ Nostalgia නමින් වන අතර එයට හසිත සමඟ ඩිලිනි ද එක්ව සිටි බැවින් එහි අවසාන ත්‍යාලයට නිර්දේශ වී තිබුණු කෘතීන් තුනේම කාන්තා නියෝජනයන් දකින්නට ලැබුණා.

මේ සටහන පෞද්ගලිකව මේ ලියුම්කරුට සම්බන්ධයි.ඒ මේ ත්‍යාග උළෙලේ ඇගයීමක් ලද ලාබාලතම ලේඛිකාව වූ 19 හැවිරිදි කවෝදි කුළුණුමිණි ගේ පියා මා නිසයි.එහෙත් මා විශ්වාස කරන්නේ පොදුවේ කාන්තාවන් මේ ආකාරයෙන් ඇගයිම් ලැබීම සහ ඇගයීම්වලට නිර්දේශවීම කාන්තා ජයග්‍රහණයක් නොව සාහිත්‍ය තුළ ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව නිර්මාණකරණයට සමාජයේ අවධානය යොමු වීම පිළිබඳ යහපත් තත්ත්වයක් ලෙසයි.එසේම මා විසින් විශේෂ කොට දියණියගේ වයස සඳහන් කළ ද සාහිත්‍යමය ඇගයීමක්දී එයද නොසළකා හැරයි යුතු සාධකයිකි.සැළකිය යුතු දේ ඇගයීමට පත් කරන කෘතිය හෝ කෘති කෙතරම් සාහිත්‍යමය වශයෙන් පොහොසත් ද යන්නයි.
