*
Friday, September 20, 2024
spot_img

Latest Posts

කුසලානයට පාර කියන ක්‍රීඩක දක්ෂතා

ඇෆ්ගනිස්තානයට එරෙහි පකිස්තාන ඉණිමේ අවසාන මොහොත ආශ්චර්යයක් බවට පත් කළ නශීම් ෂා,ඇෆ්ගනිස්තානයේ ෆසීල්හක් ෆරූකී ට එල්ල කරන ලද අනපේක්ෂිත හයේ පහර දෙක නිසා මෙවර ආසියානු කුසලාන අවසාන තරගය අනිවාර්යෙන් ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගයක් බවට පත් විය.තරගාවලිය ආරම්භයට පෙර බොහෝ විචාරකයින් පකිස්තානය අවසාන තරගයේ සිටින බවට මත පළ කළ අතර,ඒ සඳහා ශ්‍රී ලංකාව තේරී පත්වීම දුටුවේ 0% ක් ලෙස ය.ඉන්දීය ආධිපත්‍යයට නතුව තිබෙන ක්‍රිකට් පරිසරයේ බහුතරයක් මුළු තරගාවලිය පුරාම කියූ – ලියූ ප්‍රශස්තිවලින් ඉන්දීය ජයග්‍රහණයක් පිළිබඳ සිහින බෙදා හැරියත් මේ වන විට ඉන්දියාවට සූරතාවය හිමි නොවීම ස්ථීර යථාර්තයක් වි ඇත.අද ඔවුන්ට මේ වන විට ඉතිරිව ඇත්තේ මෙවර ආසියානු කුසලාන තරගාවලියේ අවසාන තරග වටයේ එක් තරගයක් හෝ ජය ගන්නවාද නැත්නම් සියලු තරග පරාජය වූ කණ්ඩායම බවට පත් වෙනවාද යන්න පිළිබඳව ඇෆ්ගනිස්තානය හමුවේ තීරණය කිරීමය.
සැප්තැම්බර් 8 දා පවත්වන ඉන්දීය ඇෆ්ගනිස්තාන තරගය සහ සැප්තැම්බර් 9 වන දා පවත්වන්නට නියමිත ශ්‍රී ලංකා පකිස්තාන තරගය පමණක් මේ වන මෙවර තරගාවලියේ අවසාන වටයට ඉතිරිව ඇත.ඉන් අනතුරුව සැප්තැම්බර් 11 වන ඉරිදා යළි ශ්‍රී ලංකාව සහ පකිස්තානය අවසාන තරගයේදී හමුවන්නට නියමිතය.
මේ වන විට මෙවර තරගාවලිය ඇතුළත පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දක්වා ඇති ක්‍රීඩකයින් කවරේද යන්න සළකා බැලීම මෙවර තරගාවලියේ අවස්න ප්‍රතිපලය තීරණය විය හැකි ආකාරය ගැන හොද ඉඟියක් වනු ඇත.ශ්‍රී ලංකාව තරගාවලිය අරඹමින් ඇෆග්නිස්තානය ඉදිරියේ අතශයින් අසාර්ථක වෙමින් ලකුණු 105 ට දැවී යාම නිසා මේ දක්ෂතා සටහනේ ඉහළට ඒම අසීරු කරුණක් සේ පෙණුනද,ඉන් අනතුරුව දැවන්ත ලකුණු ඉලක්ක හඹා යමින් කළ හපන්කම් නිසා ශ්‍රී ලංකා පිතිකරුවන් සහ පන්දු යවන්නන් හොඳ මට්ටමක සිටින බව ද එම දත්තවලින් අවබෝධ කර ගන්නට අවස්ථාව ඇත.
තරගයක කඩුලු සබඳතාවයන් අතිශයින් වැදගත් ෂාදක වන අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය එහිදී ලකුණු 45 ට උඩ සබඳතා තුනක්ම වාර්තා කරමින් කණ්ඩායමට හොඳ ස්ථාවර ආරම්භයක් ලබා දෙන බව තහවුරු කර ඇත.ආරම්භක කඩුල්ල සඳහා හොඳම සබඳතාවය ලෙස ඉන්දියාවට එරෙහිව ලකුණු 97 ක් රැස් කරගෙන මෙවර තරගාවලියේ පළමු කඩුල්ල සඳහා හොඳම සබඳතාවය පවත්වා ඇත්තේ ද කුසල් මෙණ්ඩිස් සහ පැතුම් නිශ්ශංක ය.නමුත් තරගාවලියේ කඩුල්ලකට වැඩිම ලකුණු සබඳතාවය වාර්තා කර ඇත්තේ මොහොමඩ් රිස්වාන් සහ ෆකාර්ර් ෂමාන් ය.ඔවුන් දෙදෙනා හොංකොං කණ්ඩායමට එරෙහිව දෙවන කඩුල්ලට ලකුණු 116 ක් රැස් කරගෙන ඇත.
දසන් ශානක ද පස්වන කඩුල්ල වෙනුවෙන් භානුක රාජපක්ෂ සමඟ ලකුණු 64 ක් සබඳතාවයක්ද,කුසල් මෙණ්ඩිස් සමඟ ලකුණු 54 ක් සබඳතාවයක්ද පවත්වා ඇති අතර මැද පෙළ ඉණිම සවිමත් කිරිමට තමන්ට හැකි හැකියාව මෙන්ම සබඳතාවයන් පවත්වා ගෙන යාමට ඇති හැකියාව ද මෙහිදී අවධාරනය කර ඇත.
තරගාවලියේ වැඩිම ලකුණුලාබියා ලෙස මේ වන විට ඉදිරියෙන් සිටින්නේ පකිස්තානයේ මොහොමඩ් රිස්වාන්ය.ඔහු තරග හතර නිමාවේ ලකුණු 212 ක් ලබා ගෙන ඇත.අර්ධ ශතක දෙකක් වාර්තා කරමින් හතරේ පහර 17 ක් සහ හයේ පහර 5 ක් එම ලකුණු ප්‍රමාණයට අන්තර්ගත වි ඇත.ලකුණු වේගයේ සාමාන්‍යය 120.45% කි.ප්‍රවේගකාරී පිතිකරුවෙක් ලෙස නම් දරා සිටින රිස්වාන්ට වඩා 159.79% ක් සාමාන්‍යයක් රඳවාගෙන සිටින කුසල් මෙණ්ඩිස් දෙවන තැනට වැඩිම ලකුණු ප්‍රමාණය ලබා සිටින ක්‍රීඩකයාය.ඔහු ලකුණු 155 ක් ලබා ගෙන ඇත.එයට එකතු කර ඇති හයේ පහර ප්‍රමාණය 9 ක් වන අතර හතරේ පහර ප්‍රමාණය 10 කි.ඉන් අනතුරුව පෙල ගැසී සිටින්නේ පිළිවෙලින් විරාට් කෝලී,රහමදුල්ලා ගුර්බාස්,රෝහිත් ෂර්මා,සූරියකුමාර් යාදෙව්,ඉබ්‍රාහීම් ෂර්දාන් සිටින අතර පකිස්තාන් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් නියෝජනයක් දකින්න ලැබෙන්නේ ඉන් අනතුරුවය.ඒ පැතුම් නිශ්ශංකය.ඉන් අනතුරුව භානුක රාජපක්ෂ සිටින අතර යළි හසර්තුල්ලා ශසායිට පසුව දසුන් ශානක සසිටින අතර පකිස්තානු නියෝජනයක් දකින්න ලැබෙන්නේ ඉන් අනතුරුවය.ඒ ෆකාර් ෂමාන් ය.
ඒ අනුව පිතිකරුවන් කිහිප දෙනෙකු ලකුණු අතරට පිවිස සිටින ශ්‍රී ලංකාවේ දත්තවලින් පෙනෙන්නට තිබෙන්නේ කණ්ඩායමක් වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය ඉදිරියෙන් තිබෙන බවය.ඒ ආකාරයෙන්ම තරගාවලියේ වැඩිම හයේ පහර ප්‍රමාණය සළකා බැලීමේදී රහමදුල්ලා ගුර්බාස් ට පසුව කුසල් මෙණ්ඩිස් සිටීම ද ශ්‍රී ලංකාවේ හයේ පහර එල්ල කිරිමේ දුබලතාවය මේ තරගාවලියේදි වෙනස් වී තිබෙන බවට දකින්නට ඇති හොඳ ඉඟියකි.ගුරුබාස් 12 ක් ලබා ගෙන සිටියදී කුසල් 9 ක් ලබා ගෙන ඇත.
පන්දු යැවීමේ දී පකිස්තානයේ දත්ත ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පවතිනු දැකිය හැකිය.හොඳම ප්‍රතිපල දකින්නට ඇත්තේ පකිස්තානයේ මොහොමඩ් රිස්වාන්ගෙන්ය.ඔහු කඩුලු 8 ක් ලබා ගෙන ඇත.කඩුල්ලකට සාමාන්‍යය 10.75 කි.දෙවන තැන ඇෆ්ගනිස්තානයේ මුජීම් අර් රහ්මන් සිටින අතර නැවත දකින්නට ඇත්තේ පකිස්තානයේ සදාබ් ඛාන් ය.ශ්‍රී ලංකාවේ ඩිල්ශාන් මධුශංක සිටින්නේ ඉන් අනතුරුවය.මධුශංඛට පසුව යළිත් සිටින්නේ පකිස්තානයේ නසීම් ශා ය.
ඉන් ස්ථාන හතරක් ගෙවෙන තෙක්ම යළි ශ්‍රී ලංකා හෝ පකිස්තාන නියෝජනයක් දකින්නට නැති අතර අනතුරුව දකින්නට ලැබෙන නියෝජනය ශ්‍රී ලංකාවේ චාමික කරුණාරත්නය.නමුත් ජාත්‍යන්තර වශයෙන් වැඩිම අවධානයක් දිනා ගත් මෑත කාලීන 20/20 පන්දු යවන්නා මේ දක්වා කඩුලු අතරට නොපැමිණිය ද,ඉන්දියාවට හැරෙන්නට ඔහු පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට අපහසු ආකාරයෙන් පන්දු යැවීය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan