හිටපු ඇමති ජොන්ස්ටන්ට අල්ලස් කොමිසමෙන් අධිචෝදනා!

Date:

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (08) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර බැහැර දීම සිදුවිය.

ඒ අනුව සෙසු විත්තිකරුවන් ලෙස සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් ව නම්කර තිබෙන අතර 2012 වසරේ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව එම නඩුව ගොණුකර ඇත.

අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් රුපියල් 25,000/- බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කරන ලදී.

එම නඩු විභාගය ඔක්තෝම්බර් 21 වනදා දක්වා කල්තැබිණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...