චීනයේ සිචුවාන් පළාතේ හටගත් භූකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 82 දක්වා ඉහළට!

Date:

චීනයේ නිරිතදිග සිචුවාන් පළාතේ වසර පහකට පසු හටගත් දරුණම භූකම්පාව මෙයයි..

ඉකුත් සඳු (05) දින චීනයේ නිරිතදිග කලාපයේ පිහිටි සිචුවාන් පළාතේ රිච්ටර් මාපකයේ 6.8 ලෙස සටහන් වූ දරුණු භූකම්පාවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට, මෙය එකී කලාපයට 2017 වර්ෂයේ හටගත් භූකම්පාවකට පසු හටගත් දරුණුතම භූකම්පාවයි.

මෙම භූකම්පාවෙන් පුද්ගලයන් 270 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, 35 දෙනෙකු අතුරුදන්ව ඇති බව ද වාර්තා වේ.

මේ අතර, චීනයේ ලුඩින්ග් ප්‍රදේශයට ද රිච්ටර් මාපකයේ 2.9 ලෙස සටහන් වූ පසු-භූකම්පාවක් ඊයේ (07) දින හටගෙන ඇති අතර, මේ වන විට බලධාරීන් විසින් එම ප්‍රදේශයේ වසා දැමූ මාර්ග නැවත විවෘත කර ඇත.

එමෙන්ම, ලුඩින්ග් ප්‍රදේශයට තැඹිලි පැහැති (අනතුරු මට්ටම අනුව දෙවෙනි මට්ටම) අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට කාලගුණ බලධාරීන් කටයුතු කර ඇති අතර, එම ප්‍රදේශයේ නායයෑම් සිදුවීමට ද ඉඩ ඇති බව නිවේදනය කර ඇත.

තව ද, කහ පැහැති (අනතුරු මට්ටම අනුව තෙවෙනි මට්ටම) අනතුරු ඇඟවීමක් එරට භූකම්පාව සිදුවූ සිචුවාන් පළාතේ මධ්‍යම හා බටහිර කලාප වලට නිකුත් කර ඇත.

Outbound Today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල විදේශ සංචිත : 2025 ජුලි අවසානයේ ඩොලර් මිලියන 6,144ක්

ගෙවුණු (2025) ජූලි මාසය අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය...

වැසි තත්වයේ වෙනසක් – අද (09) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල අද (අගෝස්තු 09) දිනයේදී බස්නාහිර, සබරගමුව...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැති හරිනි සහ කාදිනල් හිමි අතර සාකච්ඡාවක්

සටහන - රුවන් නෙළුගොල්ල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කොළඹ අගරදගුරු...

පොලිස් වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 08 කොළඹ LNW : අද (08)...