ඉන්දීය ආරක්ෂක ඇමති අද දිවයිනට. සුවිශේෂී ගිවිසුමක් අත්සන් තැබීමටත් සූදානම් ?

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සදහා අද (08) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

මෙම සංචාරය තුළදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් ඇතුළු බලධාරීන් පිරිසක් හමුවීමට නියමිතය.

පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබද මෙම සංචාරයේ දී සමාලෝචනය කෙරෙනු ඇති අතර සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සුවිශේෂී ගිවිසුමක් සහ ශ්‍රී ලංකාවේ හමුදා, පොලිස් නිලධාරීන්ට ඉන්දියාවේ පුහුණුව සඳහා ලැබෙන අවස්ථා වැඩිකිරීමේ ගිවිසුමක් ද අත්සන් තැබීමට නියමිත බවත් සඳහන්.

අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද සිට සැප්තැම්බර් 10 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇත.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ වසර 38කට පසුව වීම ද විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...