දියගමදී නිමාවට පත් වූ 104 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය: නව වාර්තා 5ක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, කොළඹ LNW :

දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති 104 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය අති සාර්ථක ලෙස නිමාවට පත් වූ අතර, එහි සමාප්ති උළෙළ සහ ජය සංකේත ප්‍රදානෝත්සවය ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්තැම්බර් 06) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙවර තරගාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත් කරමින්, දක්ෂතා අතර ඉදිරියෙන්ම සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් අපූරු නව තරග වාර්තා 5ක් බිහි කිරීමට සමත් විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම වාර්තා බිඳ දැමීමේ පෙරමුණේ පසුවීම කැපී පෙනුණි.

බිඳ වැටුණු නව ජාතික මලල ක්‍රීඩා වාර්තා

ඩී.එම්. හර්ෂ කරුණාරත්න (ශ්‍රී ලංකා යුද හමුදාව) – මීටර් 800 (පිරිමි): වසර 33කට පසු එම ඉසව්වේ පැරණි වාර්තාව අලුත් කරමින්, දේශීයභූමියක වාර්තා වූ වේගවත්ම කාලය ලෙස තත්පර 1:47.80ක දක්ෂතාවක් දක්වමින් නව වාර්තාවක් පිහිටුවීය.

එම්. දිමල්ෂ චතුරංග (ශ්‍රී ලංකා යුද හමුදාව) – මීටර් 400 කපොලු පැනීම (Hurdles – පිරිමි): විශිෂ්ට දක්ෂතා දක්වමින් තත්පර 49.41ක කාලයක් වාර්තා කළ අතර, ඔහු මෙවර තරගාවලියේ “දක්ෂතම ක්‍රීඩකයා” ලෙසද සම්මාන ලැබීය.

ඒ. පුවිතරන් (ශ්‍රී ලංකා යුද හමුදාව) – වෝල්ට් කුරුපම (Pole Vault – පිරිමි): මීටර් 5.10ක උසක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීය.

දිල්හානි ලේකම්ගේ (ශ්‍රී ලංකා යුද හමුදාව – කාන්තා හෙල්ල විසිකිරීම): මීටර් 59.46ක දක්ෂතාවක් පෙන්වමින් නව වාර්තාවක් සමඟින් ස්වර්ණ පදක්කම දිනා ගත්තාය.

ඩබ්ලිව්.ඒ.එම්.ආර්. විජේසූරිය (ශ්‍රී ලංකා යුද හමුදාව – කාන්තා මීටර් 10,000): විනාඩි 33:32.77ක කාලයක් ගත කරමින් මෙම ඉසව්වේ නව ජයග්‍රාහී වාර්තාවට හිමිකම් කීවාය.

ජය සංකේත ප්‍රදානය කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා , “අපි දන්නවා මලල ක්‍රීඩා තේරීම් සම්බන්ධයෙන් විවිධ ගැටලු සහ කතාබස් තිබෙනවා. අමාත්‍යාංශය ලෙස අප වෙත ලැබෙන්නේ අවසන් තේරීම් ලැයිස්තුව පමණයි; අප කිසිම අවස්ථාවක දේශපාලනිකව හෝ වෙනත් ක්‍රමවලින් ක්‍රීඩකයන් තෝරාගැනීම්වලට සෘජුව මැදිහත් වන්නේ නැහැ. එහෙත්, අදාළ බලධාරීන් සහ වගකිවයුත්තන් තේරුම් ගත යුතුයි මේ ක්‍රීඩකයන් කියන්නේ රටේ ජාතික අභිමානය සහ පිළිගැනීම බව. අමාත්‍යාංශයක් ලෙස අපගේ නිරන්තර උත්සාහය වන්නේ රට වෙනුවෙන් හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට යැවීමයි. එම නිසා, එම තේරීම් ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයෙන් හා යුක්තිසහගතව සිදු කිරීමට අදාළ ආයතන කටයුතු කළ යුතු අතර, වඩාත්ම දක්ෂ හා සුදුසුම ක්‍රීඩකයන්ට ජාත්‍යන්තරය නියෝජනය කිරීමට අවශ්‍ය පසුබිම පුළුල් කරමින් සකස් කරමින් පවතිනවා.”

නවක හා ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දැවැන්ත දක්ෂතා මධ්‍යයේ අවසන් වූ මෙම 104 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ඉදිරි ජාත්‍යන්තර තරග බිම් වෙත ශ්‍රී ලංකාවට මහත් බලාපොරොත්තු දල්වාලීමට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...