ගමේ ආණ්ඩු හා රජ්‍ය දේශපාලනකරණය වීම!

උපාලි කොළඹගේ
කොළඹ LNW:පසුගියදා ඇමති කේ. ඩී. ලාල් කාන්ත අපූරු ප්‍රකාශයක් කර තිබුණා. ඔහු ප්‍රජාශක්ති කමිටු පිළිබඳවයි මේ ප්‍රකාශය කර තිබුණේ. ලාල් කාන්තට ප්‍රජාශක්ති කමිටු තමයි මේ ගමේ ආණ්ඩුව කියන්නෙ. ඡන්දය දුන් ජනතාව ගම සංවර්ධනයට හවුල් කර ගැනීම තමයි මේ ප්‍රජාශක්ති කමිටු කියන්නෙ.

බැලූ බැල්මට මේක හරි සුන්දර ප්‍රකාශයක්. නමුත් ප්‍රායෝගික තලයේ දී මෙය කෙතෙක් සාර්ථකවේද යන්න තවම හරිහැටි කිව නොහැකියි. මෙය දෙපැත්ත කැපෙන ආයුධයක්ය යන්න මගේ පෞද්ගලික අදහස. විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මෙන්ම, ගමට ගැලපෙන අලුත් ව්‍යාපෘති තෝරා ගැනීමේදීද ගම්මුන්ගේ සහාය ලබා ගැනීම ප්‍රජාශක්ති කමිටුවල පිට පොත්තයි. ඊට යටින් රාජ්‍ය ව්‍යුහය දේශපාලනීකරණය වීමේ අනතුරක් ද මා නම් දකිනවා. එමෙන්ම මාලිමාව මෙම කටයුුතු අධීක්ෂණය කරන බවක්ද පැවසෙනවා. ලාල්කාන්ත ඇමතිවරයාම සඳහන් කරන පරිදි ඡන්දය දී පැත්තකට වී සිටීම වෙනුවට ගම නගාසිටුවීමට රුකුලක් වීම මෙම ප්‍රජාශක්ති කමිටු පිහිටුවීමේ අරමුණයි. සංකල්පයක් වශයෙන් එම අදහස හරි පොහොසත්.

ඡන්ද ය දී පැත්තකට වී නොසිට ඔවුන් සංවර්ධන ක්‍රියාවලියට හවුල්කරවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණක්. කාට ඡන්දය දුන් අයදැයි නොකිව්වත් මේ කියන්නේ ජවිපෙ ඇතුළු ජාතික ජන බලවේගයට ඡන්දය දුන් අය පිළිබඳව බව වටහා ගැනීම එතරම් අපහසු නෑ. එවිට ඔවුන් පක්ෂ දේශපාලනයෙන් තොරව කටයුුතු කරතැයි සිතිය හැකිද? ගම් වැසියන්ගේ ඡන්දයෙන් නියෝජිතයන් පත්කිරීම සිදුකෙරෙන බව කියතත් ඒවා නිකම් සීනිබෝල කතා බව දැනට සිදුවෙමින් පවත්නා කටයුුතු නිරීක්ෂණයෙන් තේරුම් ගතහැකිය.

අපේ සමාජය විවිධ පැතිකඩ ඔස්සේ ධ්‍රැවීකරණයවූ සමාජයකි. දේශපාලන,සංස්කෘතිය අතින් අප තවමත් සිටිනුයේ සෘණ අගයකය.

විපක්ෂය කටයුුතු කරනුයේ වෙඩි කාපු ඌරන් සේය. දූෂණයට එරෙහිව යහපාලන ආණ්ඩු කාලයේ බෙරිහන් දුන් රනිල් වික්‍රමසිංහගේ අදහස ඩී ඒ රාජපක්ෂගේ මුණුපුරු අන්ත දූෂිත ගනුදෙනුවකට සැකයට නාමල් රාජපක්ෂ රිමාන්ඩ් භාරයට පත්කිරීම වරදකි. මේ මොන කතාවක්ද?
මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර හා තිස්ස කුට්ටිට වඩා රනිල්ගේ වෙනසක් නැද්ද ? එහෙම නැත්නම් කලිසමත් සමග එතුමාගේ මොළෙත් පල්ලෙහාට බැහැලද?

මේ අල්ල පනල්ලෙ විපක්ෂයේ කෙදිරිය හා සමානම කෙදිරියක් ආණ්ඩු පක්ෂය තුළින්ද නිතර දෙවේලේ අසන්න ලැබෙනවා. එනම් ආණ්ඩු බලය ලැබුණද තමන්ට රාජ්‍ය බලය නොලැබුණ බවයි. එහි අදහස කුමක්දැයි නිශ්චිතව කිවනොහැක. ජනතා ප්‍රශ්න හිතූ තරමට විසඳා ගැනීමට නොහැකි වීම නිසා ඇඟ බේරා ගැනීමට කියන කතාවක්ද වියහැකියි. රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමේ යටි අරමුණෙන් කියන කතාවක්ද විය හැකියි. ප්‍රජාශක්ති කමිටු ඊට පිළියමක් වශයෙන් ගෙනෙන උගුරට හොරා බේත් කෑමක්ද විය හැකියි. කෙසේ වුවත් මෙය අතුරේ යෑමක් බව නම් කිව හැකියි.

මෙවැනිම තත්ත්වයක් 70 දශකයේද සමගි පෙරමුණ රජය යටතේ සිදුවිය. එනම් මේ හා සමානම ජනතා කමිටු නමින් යුත් කමිටු වර්ගයක් පිහිටු වීමය. ඒවා බලයේ සිටි පක්ෂයේ “කේලම් කමිටු” බවට පත්වූ අතර ඒවා අවසානයේ සමගි පෙරමුණු රජයට එරෙහි භූමරංගයක් බවටද පත්විය.

රාජ්‍ය සේවය අති පාරිශුද්ධ යැයි මා කියන්නේ නෑ. නමුත් චක්‍රලේඛ, උපදෙස් වැනි දෑ නිසා මේ තරමටවත් රට පවතින බව නම් කිව හැකියි. ඊට අභියෝගයක් වශයෙන් නම් ප්‍රජාශක්ති කමිටු යොදා නොගත යුතු බව නම් කිව හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...