ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:ට්රම්ප් ඉරානය තුළ ‘සදාකාලික යුද්ධයක්’ පවත්වාගෙන යාමේ අවදානමක පසුවෙන බව එක්සත් ජනපද හිටපු ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා අනතුරු අඟවා තිබේ.
කෙසේනමුදු ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්රායල් යුද්ධය තවත් මාස හයක් ඉදිරියට ඇදී යාම සිදුවන බවයි ඔහු පවසා ඇත්තේ.
මැදපෙරදිග මෙම යුද්ධය තවත් අසාර්ථක යුද්ධයක් බවත් යුද්ධයට මැදිහත්වී සිටින පාර්ශවකරුවන් එය විසඳා නොගෙන තවත් ඉදිරියට යුද්ධය කරගෙන යනු ඇති බවයි ද ගාර්ඩියන් පුවත් පතට සම්මුඛ සාකච්ජාවක් දෙමින් ලියොන් පැනෙටා සඳහන් කරන්නේ.
ද ගාඩියන් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවකදී පැනෙටා පැවසුවේ ගැටුම මැද පෙරදිග “තවත් අසාර්ථක යුද්ධයක්” බවට පත්වෙමින් පවතින බවයි.
ඒ අනුව මෙය සදාකාලික යුද්ධයක් වීමේ විභවතාවක් පවතින බවද ඔහු පවසයි.
ඔහු තවදුරටත් පවසන්නේ ,අපේ රට ආරක්ෂා කිරීමේ අපගේ මිලිටරි හැකියාව සැබවින්ම ක්රියාත්මක කිරීමට අපට ඇති හැකියාව අනුව දුර්වලතාවය දකින බවයි.
එමෙන්ම හෝමූස් සමුද්ර සන්ධියේ අවහිරතාවය සහ ට්රම්ප් නැවත නැවතත් ඔප්පු කරන ලද ජයග්රහණය පිළිබඳ ප්රකාශ මගින් පෙන්නුම්කරන්නේ එක්සත් ජනපද ජනාධිපතිවරයාට “විශ්වසනීයත්වයක් නොමැති බවත්, ඔහු කරන ඕනෑම තර්ජනයක් සම්පූර්ණයෙන්ම නොසලකා හරින බවත්” යැයි පැනෙටා වැඩිදුරටත් කියාසිටියි.


