අනුරාධපුරයට එන අලුත් පාර!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අනුරාධපුරය කේන්ද්‍රගත් අධිවේගී මාර්ග පද්ධතියක් සම්බන්ධයෙන් අධ්‍යයන කිරීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව ප්‍රවාහන සහ මහ මාර්ග අමාත්‍ය බිමල් රත්නායක අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ අනුව මේ වසර තුළ අධිවේගී මාර්ග කිහිපයක වැඩ කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වසරේ නොවැම්බර් – දෙසැම්බර් මාස දෙක තුළ කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලේවල කොටස් ආරම්භ කිරීමට නියමිත අතර කහතුඩුව සිට ඉංගිරි අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මේ වසර අග ආරම්භ කරන බව අමාත්‍යවරයා කියාසිටියේය.

මේ අතර කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සම්බන්ධයෙන් සැලැසුම් සකස් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම කඩවත සිට මීරිගම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු 2028 වසරේ මැයි මාසය වනවිට අවසන් කිරීමට නියමිත බවද බිමල් රත්නායක මහතා පැවසුවේය.

පොතුහැර සිට රඹුක්කන කොටස ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට අවසන් කිරීමට සැලැසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...