මෙරට ක්ෂය රෝග මර්දනයට ඉන්දියාවෙන් අඛණ්ඩ තාක්ෂණික සහාය..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 , කොළඹ LNW :

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු – නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 සඳහා සහභාගී වී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සැසිවාරය අතරතුර, ඉන්දීය සෞඛ්‍ය සහ පවුල් සුබසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා (Jagat Prakash Nadda) මහතා සමග අද (08) සාකච්ඡාවක නිරත වෙන ලදි.

ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී (Dili, Timor-Leste) දී පැවැති මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් සෑම දුෂ්කර අවස්ථාවකදීම ඉන්දීය රජය ලබා දුන් සහයෝගය සහ මිත්‍රත්වය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රි ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කරන ලදි.

මෙම සාකච්ඡාවේ දී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගෙන යන සැලසුම් සහගත වැඩපිළිවෙළට අදාළව, විශේෂයෙන්ම ක්ෂය රෝග මර්දන කටයුතු (TB Control) වඩාත් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම අනෙකුත් සහයෝගය අඛණ්ඩව ලබාදීමට ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟතාවය පළ කිරීම ද විශේෂත්වකි.

මීට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම සහ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදූ කරන ලදී.

ග්‍රාමීය මට්ටමින් ජනතාවට ලබා දෙන සෞඛ්‍ය පහසුකම් වඩාත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය සහයෝගීතාව වර්ධනය කරගැනීමටත්, ඒ සම්බන්ධයෙන් දෙරටේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කෙරිණි.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) වෛද්‍ය එස්. ශ්‍රීධරන් යන මහත්වරුන් ඇතුළු මෙරට නියෝජනය කරමින් සැසිවාරය සඳහා සහභාගී වු නියෝජිතයින් මෙන්ම ඉන්දීය රජය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...