නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සඳහා නව ජාතික කමිටුවක්

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ වත්මන් නිදහස් වෙළෙඳ ගිවිසුම් හා නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ඉදිරි ගමන් මග පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීම පිණිස පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2026-08-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

එම නිර්දේශ සැලකිල්ලට ගෙන, අනාගත නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් වඩාත් ඉලක්කගත, අනුක්‍රමික සහ සාක්ෂිපාදක ප්‍රවේශයක් අනුගමනය කිරීමටත්, ඒ සඳහා තිරසර සහ අර්ථවත් පාර්ශ්වකරුවන්ගේ උපදේශන ක්‍රියාවලියක් සහතික කිරීමටත් හැකි වන පරිදි ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවක් සහ වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශන කමිටුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන ඇත.

ඒ අනුව, පහත පරිදි ක්‍රියා කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

  • විභව ද්විපාර්ශ්වික හෝ කලාපීය වෙළෙඳ හවුල්කරුවන් සමඟ කෙරෙන වෙළෙඳ සාකච්ඡා මෙහෙය වීම සඳහා ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව ස්ථාපිත කිරීම.
  • වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවේ සභාපති සහ ප්‍රධාන ජාතික වෙළෙඳ සාකච්ඡාකරු ලෙස පත් කිරීම.
  • ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව යටතේ අවශ්‍ය කරනු ලබන තාක්ෂණික ක්‍රියාකාරී කණ්ඩායම් සමඟින් විෂය නිශ්චිතඅනුකමිටු 12 ක් ස්ථාපිත කිරීම.
  • ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව වෙත එහි ක්‍රියාකාරී සහ තාක්ෂණික අංශ පිළිබඳව උපදෙස් දීමටත්, වෙළෙඳ ගිවිසුම්වලට අදාළ කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කිරීමටත්, නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් කිරසර අදහස් විමසීම් සහ සන්නිවේදන යාන්ත්‍රණ සහතික කිරීමටත් වෙළෙඳ විශේෂඥයින්, වෙළෙඳ ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණයන්හි නිරත වන පර්යේෂකයින්, ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තීය සංගම්, සිවිල් සමාජය සහ අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශක කමිටුවක් පත් කිරීම.
  • ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ විෂය පථය පැවරී ඇති අමාත්‍යවරයා සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ විෂය පථය පැවරී ඇති අමාත්‍යවරයා වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ සම සභාපතිවරුන් වශයෙන් කටයුතු කිරීම.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...