දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ වැඩවර්ජනයකට සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය එළඹෙන 17 සහ 18 යන දෙදින තුළ පැය 48ක වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීමේ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.

දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 24ක් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට තීරණය කර ඇති බව දැක්වෙයි.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අත්තනෝමතික පරිපාලනය හේතුවෙන් දුම්රිය සේවය අර්බුදයකට පත්ව ඇති බවත්, ඒ හේතුවෙන් මගී ජනතාව නිරන්තරයෙන් අපහසුතාවට පත්වන බවත් දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන අතර ඒ සම්බන්ධයෙන් හඬ නගන වෘත්තීය සමිති නිලධාරීන් මර්දනය කිරීමේ මෙහෙයුමක්ද පවතින බවත් එකී සියලු කාරණා මුල්කරගෙන මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගයට වෘත්තීය සමිති යොමු වී තිබේ. එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව ඔවුහු සඳහන් කරති.

ඒ අනුව මෙම වෘත්තීය සමිති ජනාධිපතිවරයා වෙත අවධාරණය කර ඇත්තේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වහාම එම ධූරයෙන් ඉවත් කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...