ඉන්දීය ආරක්ෂක ලේකම් සමඟ ගිවිසුම් තුනකට අත්සන් තබනවා – ඇමති විජිත

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා සමග ගිවිසුම් තුනකට හෙට (09) දිනයේදී අත්සන් තැබීමට නියමිත බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

ඒ අනුව මෙරට ශිෂ්‍යභට කණ්ඩායම් සහ ඉන්දියනු ශිෂ්‍යභට කණ්ඩායම් අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම, ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ඉන්දියාවේ ආරක්ෂක විධ්‍යාපීඨය අතර අවබෝධා ගිවිසුම සහ ඉන්දියානු රජය විසින් පසුගිය කාලයේ මෙරටට ලබා දුන් ගුවන් ආරක්ෂක අවි නොමිලයේම නඩත්තු කර දීම සඳහා වූ ගිවිසුම් තුන සඳහා හෙට දිනයේදී අත්සන් තැබෙනු ඇති.

මේ අතර ඉන්දීය ආරක්ෂක ලේකම් හෙට දිනයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරිය හමුවීමට නියමිතයි.

”හෙට ජනාධිපතිතුමා මුණ ගැහෙන අවස්ථාවේදි ඉන්දියාව සහ සහ ලංකාව අතර ගිවිසුම් තුනක් හුවමාරු කරගන්නවා. ඒ ගිවිසුම් ගත්තොත් පළවෙනි එක තමයි ලංකාවේ ශිෂ්‍යභට කණ්ඩායම් සහ ඉන්දියාවේ ශිෂ්‍යභට කණ්ඩායම් අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම. ඒ කියන්නේ දෙරට අතර ශිෂ්‍යභටයන් අන්‍යෝන්‍ය වශයෙන් පුහුණු කිරීම්, ඒකාබද්ධ වැඩසටහන්වලට සම්බන්ධ වීම්.දෙවැනි එක තමයි ලංකාවේ තියෙන ජාතික ආරක්ෂක විද්‍යාලයයි ඉන්දියාවේ ආරක්ෂක විධ්‍යාපීඨය අතර ගිවිසුම. මෙකෙන් වෙන්නේ දැනට අපේ රටේ ආරක්ෂක විද්‍යාලයෙන් ආරක්ෂක අංශයට යම් යම් පාඨමාලා පවත්වාගෙන යනවා ඒ වගේම ජාත්‍යන්තර ශිෂ්‍යන්ටත් පාඨමාලා පවත්වනවා. ඉතිං මේ ආයතන දෙක අන්‍යෝන්‍ය හුවමාරු වැඩසටහන් සහ දැනුම බෙදා හදා ගැනීම්, උපදේශකයින් හුවමාරු කර ගැනීම් තමයි මේ ගිවිසුමේ තියෙන්නේ.තුන්වැනි ගිවිසුම 2000-2006 කාලය තුළ ඉන්දියානු රජය අපිට ආධාර විදිහට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලිමීටර් 40L70 කියන ගුවන් ආරක්ෂක අවි 24ක් අපිට ප්‍රධානයක් විදිහට ලබා දුන්නා. මේ ගුවන් ආරක්ෂක අවි 24න් 18ක් නඩත්තු කටයුතු නොමිලයේම ලබා දුන්නා පහුගිය කාලය තුළ. ඉතුරු වෙලා තිබුණා 6ක් ඒ ඉතුරු 6ත් නොමිලයේම නඩත්තු කරලා දෙන්න ගිවිසුමකට එළැඹෙනවා. මෙන්න මේ ගිවිසුම් තුන තමයි හුවමාරු වෙන්නේ”

දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද පස්වරුවේ ඉන්දීය ප්‍රජාව මුණ ගැසීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...