සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 08 : ඉරානයේ සහාය ලබන යේමනයේ හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ දකුණු ප්රදේශයේ නගර හතරකට ඩ්රෝන සහ මිසයිල ප්රහාර මාලාවක් එල්ල කර තිබේ.
සෞදි මාධ්ය නිවේදනය කර තිබුණේ හවුති ප්රහාර අබ්හා, ඛමීස් මුෂයිට්, ජිසාන් සහ නජ්රාන් යන නගරවල සිවිල් හා ආර්ථික ස්ථාන ඉලක්ක කර එල්ල වූ බවත් එහිදී කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයන් 73 දෙනෙකු තුවාල ලබා ඇති බවත්ය.
සෞදිය විසින් යේමනයේ අල්-හස්ම් ප්රදේශයේ බන්ධනාගාරයට එල්ල කරන ලද ගුවන් ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඊට පලි ගැනීමක් වශයෙන් මෙම ප්රහාරය එල්ල කළ බව සඳහන් වන අතර ප්රහාර හේතුවෙන් සෞදි බලශක්ති පහසුකම් කිහිපයක ගිනි ගැනීම් ඇතිවී ඇති අතර, ඇතැම් මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට සිදුව තිබේ.
හූති පාර්ශ්වය පවසන්නේ සෞදි භූමියේ ගැඹුරු ප්රදේශ ඉලක්ක කරමින් විශාල හමුදා මෙහෙයුමක් දියත් කළ බවයි.
මෙම ප්රහාරය සිදුවන්නේ දැනටමත් උග්ර වී ඇති ඇමරිකා–ඉරාන ගැටුම සහ යේමන යුද්ධය සමඟ මැද පෙරදිග ආතතිය තවදුරටත් ඉහළ යමින් පවතින අවස්ථාවකය. බලශක්ති පහසුකම්වලට එල්ල වූ ප්රහාරය හේතුවෙන් ලෝක තෙල් සැපයුම පිළිබඳ නව අවදානම් මතුව ඇති අතර, Brent තෙල් මිල බැරලයක් මේ වන විට ඩොලර් 99 ඉක්මවා ඉහළ ගොස් තිබේ.

