රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, කොළඹ LNW :
අතුරුගිරිය, වලේකඩේ ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් අනාවරණය වන අතර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ප්රහාරය එල්ල කර ඇති බව වාර්තා වෙයි.
මෙහිදී එක් තරුණයෙකු තුවාල ලබා ඇති අතර ඔහුගේ පාදයකට හානි සිදුවී ඇත.
තුවාලකරු වැඩිදුර ප්රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්රියාත්මක වේ.

