දේශීය ආදායම් ඡන්ද විමසීමට මහින්ද, චමල්, නාමල් ඇතුළු ආණ්ඩුවේ 20ක්ම නෑ !

Date:

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (07) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 45කින් සම්මත වුවත් මෙම තීරණාත්මක පනත් කෙටුම්පත සඳහා ඡන්දය විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු ඒ සඳහා සහභාගී වීමට නොපැමිණීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් පමණක් නොව රාජපක්ෂ පවුලේ තවත් සමීප ඥාතියකු වන නිපුණ රණවකත් මෙම ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැති අතර රාජපක්ෂ පවුලෙන් මීට පක්ෂව ඡන්දය භාවිතා කර තිබුණේ ශෂීන්ද්‍ර රාජපක්ෂ පමණි.

එමෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.බී. දිසානායක, දුමින්ද දිසානායක, ජෝන් සෙනවිරත්න, ප්‍රේමලාල් ජයසේකර, ලොහාන් රත්වත්තේ වැනි පිරිසක් ද පැමිණ සිටියේ නැත.

දිළුම් අමුණුගම, ෆලීල් මර්ජාන් සහ ධම්මික පෙරේරා යන මන්ත්‍රීවරුන් විදේශගතව සිටින බව දැනුම් දී තිබිණි.

මෙය පොහොට්ටුව විසින් ආණ්ඩුවට ලබාදුන් අනතුරු හැඟවීමේ සංඥාවක්ද යන්න පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුවෙලා තියෙන...

ඉරාන විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට; කමේනිගේ පාලන තන්ත්‍රය දැඩි මර්දනයක

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...